ජපානය

ජපානය

 

සුදුසුකම් ලත් තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා - ජපානය

 

බඳවා ගැනීමේ වැඩසටහන් වර්ග දෙකක් දැනට පවතී

  • SSW වැඩසටහන
  • TITP වැඩසටහන

 

SSW වැඩසටහන

 

පිළිගත් වෘත්තීය නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් ජපාන රජය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2019.06.19 වන දින ටෝකියෝ නුවරදී අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ඉහත වැඩසටහන ආරම්භ කරන ලදී.

 

SSW වැඩසටහන

ජපානය

සීමාවාසී තාක්ෂණික පුහුණුලාභී වැඩසටහන (TITP)

 

ජපානයේ රැකියා සඳහා විදේශගතවීමට කැමති අපේක්ෂකයින් වෙනුවෙන් ජපානය නියෝජනය කරන ජාත්‍යන්තර මිනිස් බල සංවර්ධන සංවිධානය (IM JAPAN) සමාගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2017 වසරේ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව ජපානය සඳහා අවස්ථා ලබා ගත හැක. මෙම රැකියා අවස්ථා වසර 03කට හෝ අවුරුදු 05කට යටත්ව තාක්ෂණික අභ්‍යාසලාභීන් (TIT) බඳවා ගැනීම් ලෙස සිදු කෙරේ.

 

ජපන් රාජ්‍යයේ රැකියා සඳහා විදේශගතවීමට අපේක්ෂිත තරුණ තරුණියන් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් ජපන් රජය නියෝජනය කරමින් IM JAPAN ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව 2017 වර්ෂයේ අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ජපන් රාජ්‍ය සඳහා විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ. මෙම රැකියා අවස්ථා අවුරුදු 03 හෝ අවුරුදු 05 වැනි කාලසීමාවන්ට යටත්ව සීමාවාසික තාක්ෂණික පුහුණුලාභීන් (TIT) බඳවාගැනීමක් ලෙස සිදුකෙරේ.

 

අවශ්‍ය සුදුසුකම්

 

  • අවුරුදු 18ට වැඩි 30 අඩු ගැහැණු/ පිරිමි විය යුතුයි.(අයදුම්පත් බාරගන්නා දිනට)
  • පාසල් අධ්‍යාපනය නිමා කල හෝ ඊට අදාළ අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. (වසර 13ක පාසල් අධ්‍යාපනය නිමකල බවට සහතික කළ පාසල් අස්වීමේ සහතිකය හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය අත්‍යාවශ්‍යයග)
  • Male height – 160cm or above and Female height – 150cm or above.
  • පිරිමි බර 50 kg හෝ ඊට වැඩි හා ගැහැණු බර 40kg හෝ ඊට වැඩි විය යුතුය.
  • තනිව (පවුල් බැඳීමකින් තොරව) ජපානයේ ජීවත් විය හැකි විය යුතුය.
  • පාරම්පරික නිදන්ගත රෝගල බෝ නොවන රෝගල උපතේ සිට ඇති ආබාධ තත්වයන්ගෙන් තොර විය යුතුය.
  • කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයෙකු විය යුතුය.
  • දෘෂ්ඨි ආබාධ නොමැති විය යුතුය. (ඇස් කන්නාඩි හෝ කාච භාවිතා නොකර සාමාන්‍ය දෘෂ්ඨිය- ජපාන දෘෂ්ඨි අගය 0.7 වඩා වැඩිල ශ්‍රී ලංකා දෘෂ්ඨි අගය 6/9 වඩා වැඩිල වර්ණ අන්ධතාවයෙන් තොර විය යුතුය.)
  • ශරීරයේ කිසියම් අසාමාන්‍යතාවයක් හෝ පච්ච (Tattoo) කොටා නොතිබිය යුතුයි.
  • ආපසු තම රටට පැමිණීමෙන් පසුව ජපානයේදී ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගනිමින් තම රටේ දියුණුව සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු විය යුතුයි.

 

ඉහත සුදුසුකම් වලට අමතරව සාත්තු සේවා රැකියා සඳහා

 

  • ජපන් භාෂා ප්‍රවීණතාවය භ4 :ඛැඩැක4- සමත්වී තිබිය යුතුය. (JLPT N4 / NAT N4 හෝ JFT)බොහෝ අවස්ථාවලදී පිරිමි අයදුම්කරුවන් හට කම්කරු සහ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා ලැබෙන අතර කාන්තා අයදුම්කරුවන් සඳහා සාත්තු සේවා රැකියා අවස්ථා ලැබෙමින් පවතී.

 

බඳවාගැනීමේ ක්‍රමවේදය

 

  •  ජපන් රැකියා සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් තෝරාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ මුහුණු පොත හා වෙබ් අඩවිය හරහා දැන්වීම් ප්‍රචාරණය කොට අයදුම්පත් කැඳවීම.
  • ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හා ලිඛිත පරීක්ෂාවක් සඳහා අපේක්ෂකයා යොමු කිරීම.

 

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ කටයුතු

 

  • පිරිමි - දුර දිවීම3km - 15min Pushup – 35 Sit up - 25
  • ගැහැණු - දුර දිවීම 1.5km- 10min Pushup – 15 Sit up - 15

 

ලිඛිත පරීක්ෂණ කටයුතු

සාමාන්‍ය දැනුම පරීක්ෂණය -

  • ගණිත පරීක්ෂණය 01 හා ගණිත පරීක්ෂණය 02 (4 වසර සිට 8 වසර දක්වා ගැටළු)
  • ජපන් භාෂා පරීක්ෂණය (හිරගන/ කතකන පරීක්ෂණය)
  • IM JAPAN වැඩසටහන පිළිබඳ දැනුම පරීක්ෂණය

 

සාත්තු සේවය සඳහා

 

  • ගණිත පරීක්ෂණය 01 හා ගණිත පරීක්ෂණය 02 (4 වසර සිට 8 වසර දක්වා ගැටළු)
  • ජපන් භාෂා පරීක්ෂණය (ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ 4N මට්ටම (හිරගන/ කතකන පරීක්ෂණය)
  • IM JAPAN වැඩසටහන පිළිබඳ දැනුම පරීක්ෂණය

 

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් අය හට පළමු සම්මුඛ පරීක්ෂණය සිදුකිරීම.

පළමු සම්මුඛ පරීක්ෂණය සමත් අයදුම්කරුවන් නැවත අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කිරීම.

අවසන් සම්මුඛ පරීක්ෂණය සමත් අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීම.

තෝරාගන්නා ලද අයදුම්කරුවන්හට ජපන් භාෂාවල එහි ජීවත් විය යුතු ආකාරය හා රැකියාව සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් ලබාදීම සඳහා ඉදිකිරීමේ ක්ෂේත්‍රය සඳහා මාස 04 කද, සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා මාස 05 කද නේවාසික පෙරවිගමණික පුහුණු පාඨමාලාවක් සඳහා යොමු කිරීම.

වීසා ලිපිලේඛන සකස් කිරීම සහ එම ලේඛන වීසා සැකසුම් ආයතනය වෙත යොමු කිරීම.

 

වීසා සඳහා අවශ්‍ය ලේඛන

 

  • වීසා අයදුම්පත
  • 2.1” X 1.4”ප්‍රමාණයේ ඡායාරූපයක් හා 3.5cm X 4.5cm ප්‍රමාණයේ ඡායාරූපයක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය (වසර 02 ක් ඉදිරියට)
  • ජාතික හැඳුනුම්පත (ඉංග්‍රීසි පරිවර්තනය සහිතව)
  • උප්පැන්න සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය සහිතව)
  • රැකියා ගිවිසුම
  • COE - යෝග්‍යතා සහතිකය
  • විවාහක නම් විවාහ සහතිකය, වෙන්වූ අයෙක් නම් දික්කසාඳ ලියවිල්ල හෝ කාලත්‍රයා මියගොස් නම් මරණ සහතිකය

 

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම

 

ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලියකියවිලි·

 

  • විදේශ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්
  • රැකියා ගිවිසුමේ පිටපතක්
  • වීසා සහ එහි පිටපතක්
  • කාන්තාවක් නම් පවුල් පසුබිම් වාර්තාව
  • පෙර විගමණික පුහුණුව සම්පූර්ණ කරන ලද සහතිකය (ලියාපදිංචිය සඳහා ගාස්තු රු. 21467.00 ක් [බදු ඇතුළත්ව] අදාළ අපේක්ෂකයාගෙන් අය කෙරේ)
  • විදේශගතවීමට සති තුනකට පෙර දෙවන වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීම.
  • ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර නොමිලේ IM Japan ආයතනය හරහා ලබාදීම සහ විදේශ ගතකිරීම.

 

 

 

ජපන් රාජ්‍යයේ රැකියා සඳහා විදේශගතවීමට අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් රජය නියෝජනය කරමින් INTERNATIONAL RELATIONS ORGANIZATION සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව 2021 වර්ෂයේ දෙසැම්බර් මස අත්සන් කරනු ලැබූ ගිවිසුම ප්‍රකාරව ජපන් රාජ්‍ය සඳහා තාක්ෂණික පුහුණුලාභීන් ලෙස (TIT) විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම මෙමඟින් සිදුකෙරේ.

 

අවශ්‍ය සුදුසුකම්

 

  • JLPTN4/ NAT N4 හෝ N5 ජපන් භාෂාව සමත්ව තිබිය යුතුය.
  • අවුරුදු 18ට වැඩි 30 අඩු ගැහැණු/ පිරිමි විය යුතුයි.(අයදුම්පත් බාරගන්නා දිනට)
  • පාසල් අධ්‍යාපනය නිමා කල හෝ ඊට අදාළ අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. (වසර 13ක පාසල් අධ්‍යාපනය නිමකල බවට සහතික කළ පාසල් අස්වීමේ සහතිකය හා උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය අත්‍යාවශ්‍යයග)
  • උස - 150 cm ට වැඩි වීම
  • බර - 40kgට වැඩි වීම
  • තනිව (පවුල් බැඳීමකින් තොරව) ජපානයේ ජීවත් විය හැකි විය යුතුය.
  • පාරම්පරික නිදන්ගත රෝගල බෝ නොවන රෝගල උපතේ සිට ඇති ආබාධ තත්වයන්ගෙන් තොර විය යුතුය.
  • කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයෙකු විය යුතුය.
  • ශරීරයේ කිසියම් අසාමාන්‍යතාවයක් හෝ පච්ච (Tattoo) කොටා නොතිබිය යුතුයි.
  • ආපසු තම රටට පැමිණීමෙන් පසුව ජපානයේදී ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගනිමින් තම රටේ දියුණුව සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු විය යුතුයි.

 

බඳවාගැනීමේ ක්‍රමවේදය

 

  • IRO ආයතනය මඟින් රැකියා ඇණවුම් ලැබීමෙන් අනතුරුව ජපන් රාජ්‍යයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් තෝරාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ මුහුණු පොතෙහිමෙන්ම වෙබ් අඩවිය හරහා දැන්වීම් ප්‍රචාරණය කොට අයදුම්පත් කැඳවීම.
  • ඉහත සඳහන් සුදුසුකම් සම්පූර්ණව ඇති අයදුම්කරුවන් සඳහා ලිඛිත පරීක්ෂණ සිදුකිරීම
  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් අයදුම්කරුවන්හට02 වන. සම්මුඛ පරීක්ෂණය සිදුකිරීම.
  • 02 වන සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් අය සඳහා අවසන්. සම්මුඛ පරීක්ෂණය සිදුකිරීම.
  • තෝරාගනුලබන අයදුම්කරුවන්ගේ යෝග්‍යතා සහතික (eligibility) ලබාගැනීමට අදාල ලිපිලේඛන සකස් කිරීම. යෝග්‍යතා සහතිකය ලබාගැනීමට අවශ්‍ය ලේඛන
    • වලංගු ගමන් බලපත්‍රය
    • ජාතික හැදුනුම්පත
    • ජීව දත්ත සටහන
    • ජායාරූපය 4cm x 3cm
    • රැකියා ගිවිසුම
    • ජපානයේ නියෝජිත ආයතනය විසින් නිකුත් කරන ලද ලිපිය
    • සීමාවාසික තාක්ෂණික පුහුණුලාභීගේ ලිඛිත ප්‍රකාශනය
    • ජපන් රට සහ එහි ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් ලබාදීම සඳහා මාස 03 ක නේවාසික පෙර විගමණික පුහුණුව සඳහා යොමු කිරීම.
  • තෝරාගත් අයදුම්කරුවන්ගේ යෝග්‍යතා සහතික කාර්යාංශය වෙත ලැබුණු පසුව වෛද්‍ය වාර්තා සහ පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා පුහුණුලාභීන් යොමු කිරීම.
  •  තෝරාගත් අයදුම්කරුවන්ගේ වීසා ලබාගැනීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම හා එම වීසා ලිපිගොනු අදාළ අයදුම්කරු මාර්ගයෙන්ම වීසා මධ්‍යස්ථානය වෙත යොමු කිරීම.

 

වීසා සඳහා අවශ්‍ය ලේඛන

 

  • වීසා අයදුම්පත
  • වලංගු ගමන් බලපත්‍රය
  • යෝග්‍යතා සහතිකය
  • ගුවන් ගමන් සම්බන්ධ ලේඛන
  • ජාතික හැදුනුම්පත
  • උප්පැන්න සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය සහිතව)
  • විවාහක නම් විවාහ සහතිකය, වෙන්වූ අයෙක් නම් දික්කසාඳ ලියවිල්ල හෝ කාලත්‍රයා මියගොස් නම් මරණ සහතිකය

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීම.

 

ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලියකියවිලි·

  • විදේශ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්
  • රැකියා ගිවිසුමේ පිටපතක්. -රැකියා ඇණවුම අනුව විය හැක
  • වීසා සහ එහි පිටපතක්
  • කාන්තාවක් නම් පවුල් පසුබිම් වාර්තාව (කාර්යාංශ ලියාපදිංචිය සඳහා ගාස්තු රු.21,467/-[බදු ඇතුළත්ව] අදාළ අපේක්ෂකයාගෙන් අය කෙරේ)

වීසා ලබාගැනීමෙන් අනතුරුව විදේශ ගතකිරීම. (තෝරාගන්නා ලද පුහුණුලාභීන්ගේ ගුවන් ටිකට්පත් IRO ආයතනය විසින් ලබාදෙනු ලැබේ.)

නවතම නිවේදනය

country_announcement_image

A great opportunity for you to fulfill your dream of working in Japana.

country_announcement_image

විශේෂ නිවේදනයයි

country_announcement_image

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට ඔබට අනගි අවස්ථාවක්

country_announcement_image

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට ඔබට අනගි අවස්ථාවක්

country_announcement_image

ජපන් භාෂා පාඨමාලාව

country_announcement_image

FREE Job Opportunities in Japan - Caregiver(Female)

country_announcement_image

Free Job Opportunities in Japan - Caregiver (female)

country_announcement_image

Free Job Opportunities in Japan - Construction (male)

SI