නිතර අසනු ලබන ප්‍රශ්න

පළමු වරට ලියාපදිංචි වීමේදී
අවසන් වරට ලියාපදිංචිය ලබා ඇති සේවා යෝජක නොවන වෙනත් සේවා යෝජකයෙකු වෙත යන විට.
සංචාරක වීසා මගින් විදේශ ගත වී රැකියා වීසා ලබා එම සේවා යෝජක වෙතම (නැවත ඇතුළු වීමේ වීසා මත) නැවත විදේශ ගත වන අවස්ථාවකදී.

අවසන් වරට ලියාපදිංචිය ලබා ඇති සේවායෝජක වෙතම (නැවත ඇතුළු වීමේ වීසා මත) විදේශ ගත වන අවස්ථාවකදී
අවසන් වරට ලියාපදිංචිය ලබා ඇති සේවායෝජක යටතේම, වෙනත් රටක රැකියාවකට යන අවස්ථාවකදී
අවසන් වරට ලියාපදිංචිය ලබා ඇති සේවායෝජක වෙතින් නව වීසා පතක්/ රැකියා කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති අවස්ථාවකදී (අවසන් වරට ලියාපදිංචි වීමෙන් පසුව, එම සේවායෝජක නොවන වෙනත් සේවායෝජකයෙකු වෙත විදේශ ගත වී නොතිබිය යුතුය)

විදේශ ගමන් බලපත්‍රය (මාස 6ක් වලංගුව පැවතිය යුතුය)
වලංගු වීසා බලපත්‍රය
සේවා ගිවිසුම (නව වීසා බලපත්‍රයක් මත විදේශ ගත වීමේදී)
බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව (කාන්තාවන් සඳහා)

බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව (Care Plan) පිළිබඳ තොරතුරු?

විගමනික කාන්තාවන්ගේ බාලවයස්කාර දරුවන්ට ආරක්ෂාව සැලසීම, නුපුහුණු කාන්තා සේවිකාවන්ගේ විදේශ ගතවීම අධෛර්යමත් කිරීම, ගෘහස්ථ සේවිකාවන්ගේ වෘත්තීය පරිණත බව තහවුරු කිරීම උදෙසා, 2007.03.15 , 2013.02.05 හා 2016.10.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රැකියා සඳහා විදේශ ගත වන කාන්තාවන් සඳහා පවුල් පසුබිම් වාර්තාව හඳුන්වා දී ඇත.

ඒ අනුව, විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන වයස අවුරුදු 45 හෝ ඊට අඩු කාන්තාවන් කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වයස අවුරුදු 02 ත් 18 ත් අතර දරුවන්ගේ රැකවරණ සැලැස්ම පිළිබඳ වාර්තාවක් ලබා ගත යුතු අතර, එය කාර්යාංශ ලියාපදිංචිය සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි.

බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව (Care Plan) අනිවාර්ය අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම

වයස අවුරුදු 45 ට වැඩි විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සඳහා වයස අවුරුදු 02 ත් 18 ත් අතර දරුවන්ගේ රැකවරණ සැලසුම් සම්බන්ධයෙන් ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
කාර්යාංශ ලියාපදිංචිය සහිතව විදේශගතව මෙරටට පැමිණ මාස 09 ක් ඇතුලත නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීම.

ඊශ්‍රායලය - කාන්තා කම්කරුවන් සඳහා ගෘහ මූලික රැකවරණ රැකියා අවස්ථා.
ජපානය- IM Japan බඳවා ගැනීමේ වැඩසටහන - තාක්ෂණික අභ්‍යාසලාභීන් බඳවා ගැනීම.
IRO බඳවා ගැනීමේ වැඩසටහන.
SSW විශේෂිත නිපුණතා සහිත ජපන් රැකියා වැඩසටහන - මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් රාජ්‍යය ආයතන කිහිපයක් සමඟ ගිවිසුම්ගත වී ඇති අතර දැනට කාර්යාංශය සතුව පුරප්පාඩු නොමැති අතර ඉදිරියේදී රැකියා ඇබෑර්තු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. රැකියා ඇබෑර්තු ලද පසුව ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරනු ලැබේ.

SSW - (විශේෂිත නිපුණතා සහිත පුද්ගලයන් බඳවාගැනීම) . පිළිගත් වෘත්තීය කුසලතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් උදෙසා ජපානයේ රැකියා අවස්ථා ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ. ඒ අනුව, පහත සඳහන් ක්ෂේත්‍ර 03 ක් සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබේ.
I. ආහාර සේවා කර්මාන්තය
II. හෙද සත්කාර සේවය
III. කෘෂිකර්ම

කුසලතා පරීක්ෂණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දිනයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ඇති SSW වෙබ් ද්වාරය වෙත පිවිස කුසලතා පරීක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශව හට කුසලතා පරීක්ෂණ සඳහා දිනයන් වෙන්කරගැනීම හා ඒ පිළිබඳව තොරතුරු ලබාගැනීම සිදුකර ගත හැක.

SI