අලෙවිකරණ උපාය මාර්ග ප්‍රවර්ධනය සහ පර්යේෂණ

කාර්යාංශයෙහි අලෙවිකරණ අංශය විදේශ රැකියා කර්මාන්තයේ ප්‍රගමණය උදෙසා, සේවා සහ ප්‍රතිලාභ අනාගත රැකියා අපේක්ෂකයින්, සේවා යෝජකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් වෙත ප්‍රවර්ධනය කිරීමේ වගකීම දරයි. මෙම අංශය විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අලෙවිකරණ උපාය මාර්ග සහ ප්‍රවර්ධනය, උදෙසා විශේෂයෙන් ප්‍රචාරණය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. විවිධ රටවල ඉලක්ක වෙළඳපල, රැකියා ප්‍රවණතා සහ ඉල්ලුම හඳුනා ගැනීම සඳහා අලෙවිකරණ අංශය පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකරනු ලබන අතර, කාර්යාංශයෙහි සේවාවන්, රැකියා සොයන්නන් සහ සේවා යෝජකයින් යන දෙඅංශයේම අවශ්‍යතා සමඟ පෙළගැසෙන බව සහතික කරමින් මෙම පර්යේෂණ සහ අලෙවිකරණ උපාය මාර්ග හැඩගැස්වීමට කටයුතු කරනු ලැබේ. මෙම අංශය දේශීයව හා ජාත්‍යන්තරව විදේශ රැකියා කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන් සංවිධානයකර ක්‍රියාත්මක කරනු ලබන අතර, රැකියා අපේක්ෂකයින්ට අනාගත සේවා යෝජකයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමට වේදිකා නිර්මාණය කර දෙනු ලැබේ. මේ තුළින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ හැකියාවන් සහ විභවයන් ප්‍රදර්ශනය කිරීමට මග සලස්වන අතර, විදේශ සේවා යෝජකයන් සමඟ අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීමට, ඔවුන්ව දිරිගැන්වීමට, ප්‍රවර්ධනයට හා සංවර්ධනයට අදාළව අවශ්‍ය උපායමාර්ගික, තාක්ෂණික සහ වාණිජ්‍ය පදනම සැකසීම අලෙවිකරණ අංශය විසින් සිදුකරනු ලැබේ.

කාර්යාංශයෙහි පර්යේෂණ අංශය, විදේශ රැකියා කර්මාන්තයට අදාළ අධ්‍යයන පැවැත්වීම, දත්ත රැස් කිරීම සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේ වගකීම දරයි. මෙම පර්යේෂණ ප්‍රයත්නයන් කර්මාන්තයේ සඵලතාවය වැඩිදියුණු කිරීම සහ සංක්‍රමණික සේවකයන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති, වැඩසටහන් සහ මුල පිරීම් හැඩගැස්වීමට උපකාරී වන වටිනා මූලාශ්‍රයන් සපයයි. මෙම අංශය ශ්‍රම වෙලඳපොලවල්, රැකියා ප්‍රවණතා, ප්‍රේෂණ ප්‍රවාහ සහ සංක්‍රමණික සේවකයින්ගේ යහපැවැත්ම සම්බන්ධ දත්ත රැස්කර විශ්ලේෂණය කරයි. කාර්යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් තුළ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සක්‍රීය කරමින් අනාගතයේ පැන නඟින ගැටළු, අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීමට මෙම දත්ත උපකාරී වේ.

 

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විදේශ රැකියාවන් සම්බන්ධයෙන් වන ආර්ථික, සමාජීය සහ මානසික බලපෑම තක්සේරු කිරීම සඳහා පර්යේෂණ අංශය අධ්‍යයන පවත්වනු ලැබේ. එම සොයාගැනීම් මත පදනම්ව, මෙම අංශය ප්‍රතිපත්ති සංවර්ධනය සහ පවතින රෙගුලාසි වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ සපයයි. එය කම්කරු අයිතිවාසිකම්, නිපුණතා සංවර්ධනය, සමාජ ඒකාබද්ධතාවය සහ ආපසු පැමිණෙන සංක්‍රමණික සේවකයින් ප්‍රත්‍යානුකලනය කිරීම වැනි කටයුතු සඳහා උපාය මාර්ග සැකසීමට සහාය ලබා දීම සිදුකරනු ලැබේ.

SI