රක්ෂණ හිමිකම් ලබා ගැනිම

රක්ෂණ වන්දි සඳහා ඉල්ලුම් කිරීම

ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු ලිපිලේඛණ

වෛද්‍ය ප්‍රතිලාභ සඳහා

අසනීප/අනතුරු/කරදර/ වදහිංසා / ආබාධිත / පූර්ණාබාධිත තත්වයන් යටතේවන්දි ඉල්ලුම් කිරීම

  • ලංකාවට පැමිණ මාස 06 ක් අතුලත වන්දි සඳහා ඉල්ලුම් කිරීම අනිවාර්යය වේ.
  • වන්දි ඉල්ලුම් පත්‍රය
  • විදේශීය වෛද්‍ය සහතික
  • දේශීය වෛද්‍ය සහතික (ලංකාවට පැමිණි දින සිට දින 07 ක් ඇතුළත ලබාගත්)
  • සිදු වූ අනතුරක් මත ආබාධිත හෝ පූර්ණ ආබාධිත තත්වයන් සඳහා විශේෂඥ වෛද්‍ය වාර්ථාව (MER)
  • දේශීය වෛද්‍ය බිල්පත්
  • ගමන් බලපත්‍රයෙහි පිටපත් - ජීව දත්ත පිටුවෙහි (Bio Page) හා ආගමන විගමන තොරතුරු ඇතුළත් පිටුවල.
  • පැමිණි ගුවන් ටිකට්පත / බෝඩින් කාඩ්පත (Boarding Card)
  • වන්දි හිමිකරුගේ බැංකු ගිණුම් පොත හා තොරතුරු අඩංගු පිටුවෙහි පිටපතක්
  • රක්ෂණ වන්දි ඉල්ලීම් ලිපිය( ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමණාකරු සුභසාධන නමට ලියන ලද)

මරණයකදී

  • දිවුරුම් ප්‍රකාශයක් (මියගිය අයගේ රක්ෂණ වන්දි සඳහා උරුමකරුවන් පිළිබඳව තොරතුරු ඇතුළත්) මෙම දිවුරුම් ප්‍රකාශය රු.50/- ක මුද්දරයක් මත අත්සන් කළ යුතු අතර දිවුරුම් කොමසාරිස්වරයෙකු හෝ සාමදාන විනිසුරුවරයකු විසින් නිළ මුද්‍රාව තබා සහතික කර තිබිය යුතුය.)
  • මිය ගිය පුද්ගලයාගේ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත, විවාහ වී ඇත්නම් විවාහ සහතිකය, මරණය පිළිබද විදේශීය වෛද්‍ය වාර්ථා, විදේශීය මරණ සහතිකය, තානාපති කාර්යාල වලින් නිකුත් කරන ලද ලියකියවිලි - එම සියළු ලේඛන වල මුල් පිටපත් හා ඡායා පිටපත් 02 බැගින්
  • වන්දි ඉල්ලුම්කරු ඇතුළු සියළුම උරුමකරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්, බැංකු ගිණුම් පොත හා තොරතුරු අඩංගු පිටුවෙහි පිටපතක් (බද්ද ගිණුම් නොවිය යුතුය) වයස අවුරුදු 18 වැඩි නම් ජාතික හැඳුනුම්පත් හා එම සියළු ලේඛන වල ඡායා පිටපත් 01 බැගින්
  • පවුලේ සාමාජිකයන්ගේ විස්තර ඇතුළත් වන පරිදි සකස් කරන ලද ග්‍රාම නිළධාරී වාර්තාවක්. එම වාර්තාව ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කළ යුතු අතර මිය ගිය අයගේ විවාහක/ අවිවාහක බව ග්‍රාම නිළධාරි සහතිකයේ සඳහන් කළ යුතුය.
  • ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ - කොන්සියුලර් අංශය මඟින් නිකුත් කරන ලද මරණය පිළීබද විස්තර ඇතුලත් ලිපියේ මුල් පිටපත හා ඡායා පිටපතක් ( මෙම ලිපිය ඉල්ලුම් කළ යුතු වන්නේ මධ්‍යම ලේඛනාගාරයෙන් නිකුත් කරන ලද මරණ සහතිකය ලබාගෙන නැත්නම් පමණි)
  • දේහය භාර ගැනීමේදී ඊට අදාළව රේගුව මඟින් ලබා දෙනු ලබන ලිපි ලේඛන හා ඒවායේ ඡායා පිටපත් 02 බැගින්

ඉල්ලීම් ඉදිරිපත් කල යුතු කාලය

වෛද්‍ය ප්‍රතිලාභ සහ මරණයකදී

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු ලියාපදිංචියක් තිබිය යුතුය. ලියාපදිංචි කාලය රැකියා කොන්ත්‍රාත්තුව අනුව වසර 02 ක් හෝ 03 ක් බලපැවැත්වෙන අතර එය කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූ දින (ශ්‍රී ලංකාවෙන් පිටත් වූ දින) සිට බලපැවැත්වේ.
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යටතේ ලබා දෙන රක්ෂණය මඟින් ආවරණය වන්නේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර (ශ්‍රී ලංකාවේ) සඳහා වන වියදම් පමණි.
  • අසනීප, කරදර, හිරිහැර, වධහිංසා හා අනතුරු
  • විගමණික සේවකයා ඉහත සඳහන් කරුණු හේතුවෙන් ලංකාවට ආපසු පැමිණ මාස06ක් ඉකුත්ව යාමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය ලිපිලේඛණ සමඟ මාස06ක් ඉකුත්ව යාමට පෙර රක්ෂණ සංස්ථාව වෙත අවශ්‍ය ලියකියවිලි යොමු කළ යුතුය.
  • විගමණිකසේවකයා සේවයේ යෙදී සිටියදී මරණයට පත් වූ විටක මරණය සිදු වී මාස 06 ක් ඉකුත් වීමට පෙර මරණකරුගේ ළඟම ඥාතියකු ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර අනෙකුත් අවශ්‍ය ලිපිලේඛණ සමඟ මාස 06ක් ඉකුත්ව යාමට පෙර රක්ෂණ සංස්ථාව වෙත අවශ්‍ය ලියකියවිලි යොමු කළ යුතුය.

රක්ෂණ ප්‍රතිලාභ හිමි නොවන අවස්ථා

  • රක්ෂණ සංස්ථාව වෙත මාස 6 ක් ඇතුලත අවශ්‍ය ලියකියවිලි යොමු නොකිරීම. (විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත අවශ්‍ය ලියකියවිලි මාස 6 ක් ඇතුලත බාර දී ඇතත් රක්ෂණ සංස්ථාව වෙත යොමු නොකිරීම)
  • සාවද්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කර ඇති අවස්ථා වල
  • අනාචාරයේ හැසිරීම නිසා ඇති වන මානව ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගය (HIV) හෝ ලිංගාශ්‍රිත රෝග
  • ශාරිරික දුබලතා හෝ රෝගී තත්වයක් සහිතව රැකියා සඳහා විදේශගත වීම් වලදී
  • ගුවන් ගමන් වාරයක් අතරතුරදී මරණයට පත් වීම හෝ අනතුරකට ලක් වීම. (ලංකාවෙන් පිටත් වීම සහ ලංකාවට පැමිණීමද ඇතුළත්ව)
  • රක්ෂිතයා දඩයමේ යාම, කඳුනැගිම් හා අනතුරුදායක ක්‍රීඩාවල නියැලීම. (Polo, Racing වැනි)
  • සේවය කරනු ලබන රටේ හෝ ආයතනයේ නීති රීති උල්ලංඝනය කරමින් සිදු කරන ලද ක්‍රියාවක් නිසා ඇතිවන මරණ හා අනතුරු
  • රටවල් අතර විදේශ සබඳතා අත්හිටවනු ලබන අවස්ථාවලදී
  • රැකියාවෙහි නියුතු රටෙහි ඇතිවන සිවිල්යුධ තත්ව, සතුරු ආක්‍රමණ, විදේශීය ආක්‍රමණ, විප්ලවයන්, කැරළි කෝලාහල, හමුදා පාලන වැනි තත්වයන් වලදී
  • මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වන මරණ
  • මානසික රෝග, මානසික කම්පන හා උමතු වීම්
  • සාමාන්‍ය දරුඋපත් හා ගර්භනී තත්ව
  • භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, සුනාමි හා ජලගැලීම්
  • වෙනත් රක්ෂණාවරණයකින් ආවරණය වන අවස්ථා වලදී
  • රක්ෂිතයා වයසඅවුරුදු 65 ට වැඩිවීම හා වයස අවුරුදු 18 ටඅඩුවීම
  • වැඩ වර්ජන හා කැරළි වලට සහභාගි වීම
  • ඇස් පරික්ෂා කිරීම්, ඇස් කණ්ණාඩි, කාච, දන්ත ප්‍රතිකාර, ශ්‍රවණ උපකරණ ආදියට වන වියදම්
  • රෝහල් වල විශේෂ ඉල්ලීම් මත ලබා දෙන රූපවාහිනී, දුරකථන, ගුවන් විදුලි වැනි සේවාවන් හා අමතර ආහාර ලබා ගැනීම් සඳහා වන වියදම්
  • උපතින්ම ලද රෝගී තත්වයන් හෝ අස්වාභාවික තත්වයන්
  • ප්ලාස්ටික් සැත්කම් හා රූපලාවන්‍ය සැත්කම් සිදුකර ගැනීමේදී ඇති වන අනතුරු
  • තමා විසින් නිත්‍ය පිළිවෙළට කරනු ලබන වෛද්‍ය පරික්ෂණ, වෛද්‍ය වාර්තා ලබා ගැනීම්
  • උපත්පාලන හා උපත්පාලන උපකරණ, ඖෂධ, දරුගැබ් හානි වීම්, ගබ්සා කිරිම්, අතුරු ආබාධ වැනි තත්වයන් වලදී
  • බාහිර රෝගී ප්‍රතිකාර හා කිරණ ප්‍රතිකාර ලබා ගැනීම් වලදී / විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන වියදම්
SI