නීතිය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බලපත්‍ර ලබා දීමල අධීක්ෂණය, විමර්ශන සහ නීතිමය නඩු පැවරීම තුළින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආචාර ධර්ම ප්‍රමිතීන් ආරක්ෂා කරයි. කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සටන් කරයි, සහ විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ සූරාකෑම හෝ නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදෙන අය සම්බන්ධයෙන් වගකීම දරයි. නීති ක්‍රියාත්මක කිරීම සහ දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා වල සමස්ථ අඛණ්ඩතාව සහ තිරසාරභාවය සඳහා දායක වන අතර, විදේශයන්හි අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ආරක්ෂිත සහ සාධාරණ පරිසරයක් පෝෂණය කරයි.

 

කාර්යාංශයෙහි නීති අංශය, විශේෂ විමර්ශන අංශය සහ මිනිස් ජාවාරම් ඒකකය නීතිය බලාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා ක්‍රියාත්මක වේ.

 

නීතිවිරෝධී ක්‍රියාකාරකම්, අක්‍රමිකතා, පුද්ගල ජාවාරම් ඉවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ යහපත් භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට කාර්යාංශය හැකි සෑම උත්සාහයක්ම ගනී. මෙම සන්දර්භය තුළ, රැකියා අපේක්ෂකයින්, විගමනික ශ්‍රමිකයින්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් අගතියට පත් පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කාර්යාංශය විවිධ නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කරනු ලැබේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහ වෙනත් බලපත්‍ර නොමැති පාර්ශ්ව විසින් සිදු කරනු ලබන නීතිවිරෝධී බඳවාගැනීම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ පවත්වනු ලබන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදුකරන අතර නිසි පරීක්ෂණ පවත්වා නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

SI