කාර්යාංශය ගැන

ආයතනික හැඳින්වීම

රැකියා සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය ප්‍රධාන කොටගත් සුවිශේෂි අරමුණු 18කින් යුතුව 1994 අංක 04 හා 2009 අංක 56 දරන පනත් මඟින් සංශෝධිතව 1985 අංක 21 දරන පාර්ලිමේන්තු පනත යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ කළමනාකරණයේ සුවිශේෂි සන්ධි ස්ථානයක් සනිටුහන් කරයි.

 

මුල් කාල වකවානුවේදි, කාර්යාංශය රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රමිකයින්ව බඳවා ගැනීමට අදාළව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත් බලපත්‍රලාභි ආයතන සඳහා ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ හා ප්‍රමිති සැකසීම කෙරෙහි වැඩි අවධානය යොමු කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණය සඳහා වන මූලික නියාමන ආයතනය වේ. එය විදේශයන්හි රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය, ආරක්ෂාව හා සමානාත්මතාවය යන කොන්දේසි යටතේ සංක්‍රමණය සහතික කරන ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා නීතීමය රාමුවක් යටතේ ස්ථාපිත පුළුල් විෂය පථයකින් යුත් ආයතනයකි.

 

 

 

එය පිහිටුවා ඇති ආකාරය

ඉන්පසුව, ශ්‍රම සංක්‍රමණයේ විවිධ පැතිකඩයන් ආවරණය වන පරිදි සිය මෙහෙයුම් හා සේවාවන් පුළුල් කළ අතර, අනාගත ශ්‍රම සංක්‍රමිකයින්ට වඩා හොඳ ප්රසවේශයක් ලබා දීමට හා බඳවා ගැනීමේ ක්රිරයාවලියට පහසුකම් සැලසීම උදෙසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ප්රමධාන කාර්යාලයේ මෙහෙයුම් අංශ 28ට අමතරව, ප්රා දේශීය කාර්යාල 06 ක් හා පුහුණු මධ්ය8ස්ථාන සහිත තවත් ශාඛා කාර්යාල 10 ක් හා පුහුණු මධ්යාස්ථාන 01 මුළු දිවයිනම ආවරණයවන පරිදි පිහිටුවා ඇත. ස්ථිර සේවකයින් 1200 දෙනෙකුගෙන් යුත් ශ්‍රම බලකායක් සහිත කාර්යාංශය, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණය අඛණ්ඩව වර්ධනය වීමත් සමඟම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා සූදානම් කිරීම සඳහා පෙර පිටත්වීමේ පුහුණුවේ වැදගත්කම හඳුනාගත් අතර, ඔවුන්ගේ අයිතිවාසිකම්, රැකියා වගකීම්, ගමනාන්ත රටෙහි සංස්කෘතික සම්මතයන් හා විභව අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව විගමනික ශ්‍රමිකයින්දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලදී. මෙම මුලපිරීම්වල අරමුණු වූයේ විදේශ රැකියා පරිසරයන් තුළ දියුණු වීමට අවශ්ය කුසලතා හා දැනුවත්භාවයෙන් සංක්‍රමණික ශ්‍රමිකයින් ද සන්නද්ධ කිරීමයි.

එය වර්ධනය වූ ආකාරය

සංක්‍රමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂා කිරීම හා සවිබල ගැන්වීම සඳහා විදේශ රැකියා ක්‍රියාවලිය එනම්, පූර්ව විගමන අවධිය (තීරණ ගැනීමල පෙර විගමනික පුහුණුව ලැබීම හා පිටත්ව යාම), සේවයේ යෙදෙන අවධිය (රැකියාවල නියුතු ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආවරණය වන පරිදි) හා ආපසු පැමිණීමේ හා නැවත සමාජගත වීමේ අවධිය (සමාජගත කිරීම පිළිගැනීම හා අගය කිරීම, සැලකිල්ල යන කරුණු ඇතුලත්ව) යන අදියර වලදී කාර්යාංශය සිය කාර්යභාරය ඉටුකරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සිය මෙහෙයුම් ක්‍රියාවලිය හා විශේෂි වැඩසටහන් තුලින් මෙම අරමුණු සාක්ෂාත් ගැනීමට හා විදේශ රැකියා කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහාද කටයුතු කරනු ලැබේ.

SI