ඊශ්‍රායලය

ඊශ්‍රායලය

Agricultural  Employment Program – Israel

For Sri Lankans  who wish to go abroad as Agricultural Worker, the provision of agricultural opportunities in the State of Israel is done in accordance with the Memorandum of Understanding signed between the Government of Israel (Population and Immigration Authority – PIBA) and the Government of Sri Lanka (Sri Lanka Bureau of Foreign Employment – SLBFE) dated on 05.11.2023 is functioning under the programme for Sri Lankans  wish to migrate to Israel as agricultural  Employment is functioning under this MOU signed between Israel.

 

ඊශ්‍රායලය

Caregiver Employment Program – Israel

For Sri Lankan women who wish to go abroad as Caregiver, the provision of home caregiver opportunities in the State of Israel is done in accordance with the Memorandum of Understanding signed between the Government of Israel (Population and Immigration Authority – PIBA) and the Government of Sri Lanka (Sri Lanka Bureau of Foreign Employment – SLBFE) dated on 24.02.2020 is functioning under the programme for Sri Lankan women wish to migrate to Israel as Home-based Caregiver Employment is functioning under this MOU signed between Israel .

 

 

Under this program, 90% female workers and 10% male workers will be recruited by the Israel government for caregiver job. But for now, the Israel government has temporarily suspended the recruitment of male workers for caregiver jobs.

මාසික අවම වැටුප - NIS 5571.75

 

ඊශ්‍රායල් නිවාස පාදක සාත්තු සේවිකාවක ලෙස අයදුම් කිරීමට පෙර ඔබ විසින් පහත සඳහන් ලේඛන සම්පූර්ණ කර තිබිය යුතුය.

  • විදේශ ගමන් බලපත්‍රය - අයදුම්කරු හා කාලත්‍රයා සතුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් පැවතිය යුතු අතර අයදුම්කරුගේ ගමන් බලපත්‍රය වසර 03ක කාලසිමාවක් සඳහා වලංගුව පැවතිය යුතුය.
  • Must have completed one Course and National Vocational Qualification or Nursing professional Qualification and experience as mentioned below.
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 3 සහතිකය ලබා තිබීම

හෝ

  • නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සය මාසික සාත්තුසේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 4 සහතිකය ලබා තිබීම

හෝ

  • වැල්ලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සය මාසික සාත්තුසේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 4 සහතිකය ලබා තිබීම

හෝ

  • ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙහි දින 45 සාත්තුසේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 3 සහතිකය ලබා තිබීම

හෝ

  • ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියෙහි (NAITA) සාත්තුසේවා ක්ෂේත්‍රය සඳහා පෙර දැනුම ඇඟයීමේ පරීක්ෂණය (RPL) මත ලබාදෙනු ලබන NVQ Level 3 හෝ NVQ Level 4 සහතිකය ලබා තිබීම

හෝ

හෙද වෘත්තියේ නියුතු අයෙකු නම් පිළිගත් ආයතනයක හෙද පුහුණු සහතිකය සමඟ හෙද වෘත්තියේ මාස 11කට නොඅඩු වෘත්තීය පළපුරුද්ද සහිත සේවා සහතිකය (හෙද වෘත්තියට අදාළ සේවා සහතිකය විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සහතික කර තිබීම අනිවාර්ය වේ)

  • පිළිගත් ආයතනයක් මඟින් ලබාගත් ඉංග්‍රීසි භාෂා පුහුණු සහතිකය (පාඨමාලා කාලසීමාව පැය 60ට වැඩි විය යුතුය)
  • උප්පැන්න සහතිකය - අයදුම්කරුගේ, දරුවන් සිටීනම් දරුවන්ගේ
  • ග්‍රාම නිළධාරී සහතිකය
  • විවාහ සහතිකය
  • දික්කසාද වී ඇත්නම් එම සහතිකය හා විවාහ සහතිකය
  • කාලාත්‍රයා මියගොස් ඇත්නම් විවාහ සහතිකය හා මරණ සහතිකය
  • මව, පියා හෝ සහෝදර සහෝදරියන් මියගොස් ඇත්නම් මරණ සහතිකය

සැ,යු :- මව, පියා අතහැර ගොස් ඇත්නම් ඒ පිළිබඳ ලිපියක් ග්‍රාම නිලධාරී විසින් සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කර තිබිය යුතුය.

  • පොලිස් වාර්තාව - මෙරට සහ මින් පෙර මාස 06කට වැඩි කාලයක් විදේශගතව සිටියේ නම් අදාළ රටෙන් ලබාගත යුතුය, චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් වාර්තා විය යුතුය, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රටක ගිවිසුම්ගත කාලසීමාව ඉක්මවා රැඳී සිටි අයෙකු නොවිය යුතුය, පොලිස් නිලධාරියෙකු ලෙස සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු ලෙස සේවය කර නීත්‍යානුකූල නොවන අයුරින් සේවයෙන් බැහැර වූ අයෙකු නොවිය යුතුය. (මෙරට පොලිස් වාර්තාව නිකුත් කල දින සිට මාස 06 ක් වලංගු වේ)
  • පාසල් හැරයාමේ සහතිකය (පාසල් අධ්‍යාපනය වසර 10 ක් සම්පූර්ණ කළ අයෙකු විය යුතු අතර, පාසල් හැරයාමේ සහතිකය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සහතික කර ගත යුතුය.)
  • අධ්‍යාපන සහතික (අ.පො.ස සා/පෙළ හා අ.පො.ස උ/පෙළ විභාගයන් සඳහා මුහුණ දී ඇත්නම් පමණක්)
  • අයදුම්කරුගේ, මව/පියාගේ, කාලාත්‍රයාගේ, වයස අවුරුදු 18ට වැඩි දරුවන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ජාතික හැදුනුම්පත‍්වල පිටපත්. මෙම පුද්ගලයන් විදේශගතව සිටීනම් වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් හා වීසා පතෙහි පිටපතක් තිබිය යුතුය.
  • දිවුරුම් ප්‍රකාශය (අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන සියළුම ලේඛන හා සහතිකපත්වල තොරතුරු දිවුරුම් ප්‍රකාශයෙහි ඇතුළත්ව තිබිය යුතුය.)
  • අංක 04 සිට 09 දක්වා හා අංක 12, 14 සඳහන් සියළු ලේඛන වසරක කාලසීමාවක් ඇතුළත ලබාගත් ඒවා විය යුතුය.
  • ඉහත සිංහල භාෂාවෙන් සඳහන් ලේඛන නිළලත් භාෂා පරිවර්තකයෙකුගෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කල යුතු අතර, අංක 13 හි සඳහන් ලේඛන හැර අනෙකුත් සියළුම ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සහතික කර තිබිය යුතුය.

 

  • විදේශ ගමන් බලපත්‍රය - අයදුම්කරුගේ හා කාලාත්‍රයාගේ(විදේශ ගමන් බලපත්‍රය ඉදිරියට වසර 03ක කාලසීමාවක් සඳහා වලංගුව පැවතිය යුතුය.)
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාත්තු සේවා පුහුණු පාඨමාලා සහතිකය හා NVQ Level 3 සහතිකය ලබා තිබීම හෝ
  • නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සය මාසික සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 4 සහතිකය ලබා තිබීමෙ හෝ
  • වැල්ලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සය මාසික සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 4 සහතිකය ලබා තිබීම හෝ
  • ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙහි දින 45 සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ Level 3 සහතිකය හෝ
  • ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියෙහි (NAITA) සාත්තුසේවා ක්ෂේත්‍රය සඳහා පෙර දැනුම ඇඟයීමේ පරීක්ෂණය (RPL) මත ලබාදෙනු ලබන NVQ Level 3 හෝ NVQ Level 4 සහතිකය ලබා තිබීම හෝ
  • හෙද වෘත්තියේ නියුතු අයෙකු නම් පිළිගත් ආයතනයක හෙද පුහුණු සහතිකය සමඟ හෙද වෘත්තියේ මාස 11කට නොඅඩු වෘත්තීය පළපුරුද්ද සහිත සේවා සහතිකය (හෙද වෘත්තියට අදාළ සේවා සහතිකය විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සහතික කර තිබීම අනිවාර්ය වේ)
  • පිළිගත් ආයතනයක් මඟින් ලබාගත් ඉංග්‍රීසි භාෂා පුහුණු සහතිකය (පාඨමාලා කාලසීමාව පැය 60ට වැඩි විය යුතුය)
  • උප්පැන්න සහතිකය - අයදුම්කරුගේ, දරුවන් සිටීනම් දරුවන්ගේ
  • ග්‍රාම නිළධාරී සහතිකය
  • විවාහ සහතිකය
  • දික්කසාද වී ඇත්නම් එම සහතිකය හා විවාහ සහතිකය
  • කාලාත්‍රයා මියගොස් ඇත්නම් විවාහ සහතිකය හා මරණ සහතිකය
  • මව, පියා හෝ සහෝදර සහෝදරියන් මියගොස් ඇත්නම් මරණ සහතිකය සහ මව/පියා හැරගොස් ඇත්නම් ඒ පිළිබඳව සඳහන් ලිපියක් ඉදිරිපත් කළ යුතුය. එම ලිපිය ග්‍රාම නිළධාරී විසින් සනාථ කර ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කර තිබිය යුතුය.)
  • පොලිස් වාර්තාව - මෙරට (ඉන්දීයවේ නවදිල්ලි අගනුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය ආමන්ත්‍රණය කරමින්) සහ මින් පෙර මාස 06 කට වැඩි කාලයක් විදේශගතව සිටියේ නම් අදාළ රටෙන් ලබාගත යුතුය , චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් වාර්තා විය යුතුය, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රටක ගිවිසුම්ගත කාලසීමාව ඉක්මවා රැඳී සිටි අයෙකු නොවිය යුතුය, පොලිස් නිළධාරියෙකු ලෙස සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු ලෙස සේවය කර නීත්‍යානුකූල නොවන අයුරින් සේවයෙන් බැහැර වූ අයෙකු නොවිය යුතුය.
  • පාසල් හැරයාමේ සහතිකය (පාසල් අධ්‍යාපනය වසර 10ක් සම්පූර්ණ කළ අයෙකු විය යුතුය. මෙම සහතිකය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සහතික කර ගත යුතුය)
  • අධ්‍යාපන සහතික (අ.පො.ස සා/පෙළ හා අ.පො.ස උ/පෙළ විභාගයන් සඳහා මුහුණ දී ඇත්නම් පමණක්)
  • අයදුම්කරුගේ, මව/පියාගේ, කාලාත්‍රයාගේ, වයස අවුරුදු 18ට වැඩි දරුවන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ජාතික හැදුනුම්පත‍්වල පිටපත්. මෙම පුද්ගලයන් විදේශගතව සිටීනම් වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් හා වීසා පතෙහි පිටපතක් තිබිය යුතුය.
  • දිවුරුම් ප්‍රකාශය (අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන සියළුම ලේඛණ හා සහතිකපත්වල තොරතුරු දිවුරුම් ප්‍රකාශයෙහි ඇතුළත්ව තිබිය යුතුය. )
  • සම්පූර්ණ කරන ලද වීසා අයදුම්පත
  • 5.5cm x 5.5cm ප්‍රමාණයේ ඡායාරූප 02ක්
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන තොරතුරු ලිපිය

 

අංක vii හි සඳහන් ‘හෙද වෘත්තීය සේවා සහතිකය’ සහ අංක ix සිට xix දක්වා වන ලේඛන නිළලත් භාෂා පරිවර්තකයෙකුගෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කල යුතු අතර, අංක xviii හි සඳහන් ලේඛන හැර අනෙකුත් සියළුම ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සහතික කර තිබිය යුතුය.

 

වීසා ලබාගැනීමෙන් පසුව කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඇතුළුව අයදුම්කරු විසින් පහත සඳහන් ගාස්තු ගෙවිය යුතුය.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි ගාස්තුව - රු 21467.00 (බදු ඇතුළත්ව)
  • සේවා සැපයුම් ගාස්තු - $1735

(මෙම ගාස්තු ඊශ්‍රායලයේ සේවා සැපයුම් ආයතනය වෙත ගෙවනු ලැබේ)

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට දින 03 කට පෙර - $ 1137

(එදිනට පවතින විනිමය අනුපාතයට අනුව කාර්යාංශ බැංකු ගිණුමකට බැර කළ යුතුය)

ඊශ්‍රායලය වෙත ගොස් මාස 26 ක දී - $ 299

ඊශ්‍රායලය වෙත ගොස් මාස 38 ක දී - $ 299

 

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සැකසුම් ගාස්තු - $428.45

(එදිනට පවතින විනිමය අනුපාතයට අනුව කාර්යාංශ බැංකු ගිණුමකට බැර කළ යුතුය)

 

 

  • වීසා නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්
  • රැකියා ගිවිසුමේ පිටපතක්
  • වීසා පිටපතක්
  • කාන්තාවක් නම්ල පවුල් පසුබිම් වාර්තාව

 

 

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබාගත් විදේශ ගමන් බලපත්‍රය
  • රැකියා ගිවිසුමේ පිටපත
  • කොවිඩ්-19 එන්නත්කරණ සහතිකය (Certificate of COVID-19 Vaccination)
  • පෙර විගමණික පුහුණු සහතිකය (දින 07)
  • සෞඛ්‍ය රක්ෂණ සහතිකය (Health Statement for Medical Insurance)
  • ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබාගන්නා ලද, විදේශ ගමන් බලපත්‍රය මෙරටින් පිටට රැගෙන යෑම අවලංගු කිරීම සිදුකරන ලද ලිපිය (Passport Dispatch remove Document)
  • PCR පරීක්ෂණ වාර්තාව

 

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා බඳවාගැනීම

නවතම නිවේදනය

country_announcement_image

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා විදේශගත වීමට යෝජිත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා පරීක්ෂා කිරීමට සුදුසුකම් ලත් ආයතන ලියාපදිංචි කිරීම

country_announcement_image

පිලිගත් කෘෂි කාර් මික පුහුණු ආයතන ලියා පදිංචි කිරීම

country_announcement_image

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා ගාස්තු අය කර ගැනිම

country_announcement_image

ඊශ්‍රායලයේ කෘෂිකාර් මික රැකියා සඳහා ගාස්තු

SI