ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ පණිවිඩය

ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොල සදහා නිපුණතාවයෙන් පිරි ශ්‍රම සම්පත සැපයිමේ ලොව හොදම රට බවට ශ්‍රී ලංකාව පත්කිරිම සදහා මාගේ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය යොමු කිරිම මාගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ විගමණික ප්‍රජාව මෙරට ආර්ථිකයේ විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ ප්‍රමුඛයා වන අතර ඔවුන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ගත හැකි සැම පියවරක්ම අප විසින් ගන්නා බව සදහන් කල යුතුය. එමෙන්ම විදේශ රැකියා මෙරටට ගෙන එනු ලබන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් නියාමනය කරමින් ඔවුන්ගේ සේවාව අගය කරමින් වෘත්තිකභාවයකින් යුතුව කටයුතු කිරිම සදහා වන පියවර ගනිමින් සිටින්නෙමු. ශ්‍රමිකයන් බදවා ගන්නා විදේශ රාජ්‍යන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් අවබෝධාත්මක සම්බන්තාවයක් පවත්වා ගැනිමට අපට හැකි වී තිබේ. ඒ හෙතුවෙන් වැඩි වැඩියෙන් විදේශ රැකියා ශ්‍රී ලංකාවට විවෘත වී ඇත. වාර්ෂිකව විදේශ රැකියා වලට පිටත් වන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වී තිබෙන අතර ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණය ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් තිබේ. ඉතිහාසයේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කළ වසර බවට 2022 වසර පත්කරගැනිමට අපට හැකි වී තිබේ. විගමණික ප්‍රජාවගේ යැපෙන්නන් වෙනුවෙන් විශාල සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඔවුන්ගේ ජීවන තත්වය ඉහල නැංවිමට හා ගරුත්වයක් ඇති කිරිමට ආකල්පමය වෙනසක් ද සමාජය තුල ඇති කිරිමට අප ද ලද ජයග්‍රහණයකි. ජනතාවට සමීප හා කාර්යක්ෂම ඵලදායි සේවාවක් ලබාදෙන අමාත්‍යාංශ අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පත්කිරීමට යන ගමනේදී ශ්‍රී ලංකාව විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලැබෙන අපමණ සහය මා අගය කොට සලකමි. බිදවැටුණු ආර්ථිකය ගොඩනැගිම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ලබාදෙන දායකත්වයට රටක් ලෙස අප සියලුදෙනාගේම කෘතඥතාවය පුදකර සිටිමු.

ගරු මනූෂ නානායක්කාර , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

ගරු විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය

අපේ රට දැනට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයෙන් මිදීම සඳහා විදේශ විනිමය ගෙන ඒමේ එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් නීත්‍යානුකූල මාර්ගයෙන් රටට ලැබෙන විදේශ ප්‍රේෂණයි. විදේශ රැකියා සංවර්ධනය සහ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය සමඟ එක්ව වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි. මීට අමතරව විදේශ රැකියා නිමා කර ආපසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සඳහා දැනුවත් කිරීම, ස්වයං රැකියා සහ නැවත ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන් අතර සංක්‍රමණිකයන්ගේ පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර බිම් මට්ටමට සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. සංවර්ධන නිලධාරීන් (විදේශ රැකියා) ලේකම් කාර්යාලවලට අනුයුක්තව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව කටයුතු කරයි. විගමණික ශ්‍රමිකයින් සඳහා ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී මට්ටමින් ක්‍රියාත්මක කිරීමටත්, විදේශ රැකියා ක්ෂේත්‍රයේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා පළාත් මට්ටමින් අවශ්‍ය සහයෝගය සහ අදහස් ලබා ගැනීමටත් කාර්ය සාධන සමාලෝචන රැස්වීම් පැවැත්වීමට මගේ නායකත්වය යටතේ පළාත් මට්ටමින් විදේශ රැකියා පිළිබඳ සංවර්ධන නිලධාරීන් සඳහා කටයුතු යොදා ඇත.

ගරු ජගත් පුෂ්පකුමාර , විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමාත්‍යාංශය අමතන්න :

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, 6 වන මහල, මෙහෙවර පියස, නාරාහේන්පිට, කොළඹ 05, ශ්‍රී ලංකාව.
info@labourmin.gov.lk
SI