භාෂා පුහුණුව

ජපන් භාෂාව පුහුණු කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දායකත්වය

  • ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානවල ජපන් භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීම. මාසික ගාස්තුව රු. 5000,00 කි.
  • අනාගත රැකියා අපේක්ෂිතයින් සඳහා ජපන් භාෂාව පුහුණු කිරීමට ජපන් භාෂා පුහුණු ආයතන සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සහාය වීම. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැයකට රුපියල් 500 බැගින් උපරිම වශයෙන් පැය 300ක් දක්වා උපදේශකයන්ගේ පිරිවැය දරයි.

නිර්ණායක

  • එක් පුහුණු පාඨමාලාවකට පුහුණු පැය ගණන 300කි. (දිනකට පැය 5)
  • පුහුණු පහසුකම් පිළිගත් ප්‍රමිතීන්ට අදාළවේ
  • පුහුණු පාඨමාලා අවසන් වූ පසු පුහුණු වන්නන් JLPT-N4/N5 හෝ NAT-N4/N5 හෝ JFT සහතිකය ලබා ගත යුතුය.
  • අවශ්‍ය සුදුසුකම් ලබාගත් අභ්‍යාසලාභීන්ගේ සංචිතයක් දේශීයව අනුමත ආයතන සහ ජපන් සේවා යෝජකයන් සඳහා ලබා දී ඇත.
SI