සුභසාධන පහසුකම්

විගමණික ‍සේවකයින් සඳහා රක්ෂණ ආවරණය

විදේශ රැකියාවක් කිරීමේදී ඔබගේ දේශීය රටෙහි හෝ ගමනාන්ත රටෙහි සුදුසු රක්ෂණ ක්‍රම පිළිබඳව පර්යේෂණ කිරීම සහ සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය වේ.රක්ෂණ ආවරණය ඔබගේ යහපැවැත්ම ආරක්ෂා කරන අතර අනපේක්ෂිත තත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. විස්තීර්ණ රක්‍ෂණ ආවරණයක් තිබීමෙන් ඔබට මනසේ සාමය, විභව මූල්‍ය බරවලින් ආරක්‍ෂා වීම සහ හදිසි අවස්ථා වලදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සහතික කරයි.

දේශීය රක්ෂණ යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන සෑම ශ්‍රී ලාංකික විගමණික ‍සේවකයෙකුම දේශීය රක්‍ෂණ ක්‍රමයට යටත් වේ.

විදේශ රක්‍ෂණ යෝජනා ක්‍රමය

මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික විගමණික ‍සේවකයින් සඳහා සේවායෝජකයින් විසින් ලබා දිය යුතු ජීවිත රක්ෂණ ක්‍රමය

මැදපෙරදිග කලාපයේ ගෘහස්ථ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයලියාපදිංචිය සමඟ මැදපෙරදිග කලාපයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන් සඳහා පුළුල් රක්ෂණ ආවරණයක් ලබාදීම මෙම රක්ෂණ ක්‍රමයේ අරමුණයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දෝහා කටාර්, ඕමාන්, ජෝර්දාන්, සෞදි අරාබියාව, කුවේට්සහ බහරේන්යන රටවල ගෘහස්ථ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන්මෙම අනිවාර්ය රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය කෙරේ.

දැනට ක්‍රියාත්මක වන සමාගම්:

  • සලාමා රක්ෂණ සමාගම
  • ජාතික ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ සමාගම
  • යුනියන් ඉන්ෂුවරන්ස් සමාගම
  • KFH තකාෆුල් රක්ෂණ සමාගම
දේශීය රක්ෂණ ප්‍රතිලාභ
අංක සිදුවීම ප්‍රතිලාභ
01 ගිවිසුම්ගත කාලය තුල වි‍දේශ සේවයේ නියුක්තව සිටියදී ජීවිතක්ෂයට පත් වීම. රු.600,000.00 දක්වා
02 ගිවිසුම්ගත සේවා කාලය තුල විදේශ සේව‍යේ නියුක්තව සිටියදී මුහුණ දීමට සිදු වූ හදිසි අනතුරක් හේතු‍වෙන් හෝ බරපතල ‍රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ මාස 03ක් ගත වීමට පෙර ජීවිතක්ෂයට පත් වීම. රු.250,000.00
03 ගිවිසුම්ගත සේවා කාලය තුල වි‍දෙස් ‍සේව‍යේ නියුක්තව සිටියදී මුහුණදීමට සිදු වූ හදිසි අනතුරක් හේතු‍කොට‍ගෙන පූර්ණ ආබාධිත තත්වයට පත් වීම. .
3.1 සිදු වූ ආබාධිත තත්වය අනුව වන්දි ලබා දීම (ආබාධිත තත්වයන් ආවරණය කිරීමේ ප්‍රතිශතය ඇමුණුම- 2හි දක්වා ඇත) උපරිමය රු.400,000.00 දක්වා (ගෙවීම් සිදු කිරීම වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව කරනු ලැබේ)
3.2 ආබාධිත විගමණික සේවකයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ගුවන් ටිකට්පත් ගාස්තුව බදු ඇතුලත්ව සාමාන්‍ය පන්ති‍යේ ගුවන් ටිකට්පත් ගාස්තුව එසේ වුවද ‍වෛද්‍ය නියමයන් මත ලෙඩුන්ගෙන යන ඇඳක ව්‍යාපාරික පන්ති‍යේ ගුවන් ටිකට්පතක ගාස්තුව
3.3 ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දැරීමට සිදු වන ‍වෛද්‍ය වියදම් 3.3.1 පෞද්ගලික ‍රෝහලක‍ රෝහල් ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර ‍මෙරටට පැමිණ මාස 03ක් ගත වීමට පෙර බිල්පත් ඉදිරිපත් කල යුතුය.
3.3.2 රාජ්‍ය රෝහලක රෝහල් ගත වීමකදී දිනකට රු.700.00 බැගින් උපරිමය දින 30ක් දක්වා ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලැ‍බේ.
3.3.3 ගාස්තු ‍නො‍ගෙවන රජ‍යේ රෝහලක ‍නේවාසික ප්‍රතිකාර ලබා ගැනී‍මේදී දැරීමට සිදු වන ‍ඖෂධ වියදම්රසායනාගාර පර්යේෂණ ගාස්තු, x-කිරණ ඡායාරූප හා ස්කෑන් සඳහා රු.29,000.00 ක් දක්වා ‍ගෙවීම් සිදු කරනු ලැ‍බේ.(බිල්පත් ඉදිරිපත් කල යුතුය)
3.3.4 බාහිර ප්‍රතිකාර බෙහෙත්,ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සඳහා රු.50000.00ක් දක්වා ගෙවීම්(ලංකාවට පැමිණි දින 14 ක් ඇතුලත සිදු කරනු ලබන වියදම් සඳහා වූ බිල්පත් ප්‍රතිකාර ලබා ගත් දින සිට මාස 06ට පෙර ඉදිරිපත් කල යුතුය.)
04 ගිවිසුම්ගත ‍සේවා කාලය තුල විදෙස් සේව‍යේ නියුක්තව සිටියදී අර්ධ අකර්මණ්‍ය තත්වයක‍ට පත් වීම. .
4.1 සිදු වූ ආබාධිත තත්වය අනුව වන්දි ලබා දීම.(ආබාධිත තත්වයන් ආවරණය කිරීම් ප්‍රතිශතය ඇමුණුම -2 හි දක්වා ඇත) උපරිමය රු.125,000.00
4.2 ආබාධිත විගමණික ‍සේවකයා ‍මෙරටට ගෙන්වා ගැනිම සඳහා වන ගුවන් ටිකට්පත් ගාස්තුව බදු ඇතුලත්ව සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා දැරීමට සිදු වන සත්‍ය වියදම ( උපරිමය රැ.300 000) එසේ වුවද වෛදය නියමය මත ලෙඞ ඇදක ව්‍යාපාරික පන්ති‍යේ ටිකට්පත් සඳහා නිර්දේශ කරනු ලද්‍‍දේ නම් ඒ සඳහා දැරීමට සිදු වන වියදම
4.3 ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දැරීමට සිදු වන වෛද්‍ය වියදම් (ලියාපදිංචි කාල සීමාව තුළ උපරිමය රැ.50 000.00) 4.3.1 පෞද්ගලික ‍රෝහලක රෝහල් ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ගෙවීම් කටයුතු සිදුකරනු ලබන අතර ‍මෙරටට පැමිණ මාස 6ක් ගත වීමට පෙර බිල්පත් ඉදිරිපත් කල යුතුය.
4.3.2 රාජ්‍ය රෝහලක රෝහල් ගත වීමකදී දිනකට රු.700.00 බැගින් උපරිම දින 30ක් දක්වා ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලැ‍බේ.
4.3.4 ගාස්තු නොගෙවන රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනී‍මේදී දැරීමට සිදු වන ඖෂධ වියදම්,රසායනාගාර පර්යේෂණ ගාස්තු, x-කිරණ ඡායාරූප හා ස්කෑන් සඳහා රු.29,000.00 ක් දක්වා ගෙවීම් සිදු කරනු ලැ‍බේ.(බිල්පත් ඉදිරිපත් කල යුතුය)
05 ගිවිසුම්ගත සේවා කාලය තුල වි‍දෙස් ‍සේව‍යේ නියුක්තව සිටියදී මුහුණදීමට සිදු වූ හදිසි අනතුරක් හේතු‍කොට‍ගෙන තාවකාලිකව ආබාධිත තත්වයට පත් වීම. ආබාධිත තත්වය 50% හෝ ඊට වැඩි ප්‍රමාණයක විය යුතු අතර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තහවුරු කර තිබිය යුතුය.(විදෙස් වෛද්‍ය වාර්තා/ලංකාවට පැමිණ සති 02 කාලයක් ඇතුලත රජයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුය.)(මෙම තත්වය මත ඹහු/ඇය හට තවදුරටත් සේවයේ යෙදීමට නොහැකි බවට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ලබා දෙන තහවුරු කිරීමක්)
5.1 වන්දි ගෙවීම සිදුවු ආබාධිත තත්වය මත තීරණය වේ. උපරිමය රැ.50 000.00
5.2 ආබාධිත විගමණික ‍සේවකයා ‍මෙරටට ගෙන්වා ගැනිම සඳහා වන ගුවන් ටිකට්පත් ගාස්තුව බදු ඇතුලත්ව සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා දැරීමට සිදු වන සත්‍ය වියදම ( උපරිමය රැ.300 000) . එසේ වුවද වෛදය නියමය මත ලෙඞ ඇදක ව්‍යාපාරික පන්ති‍යේ ටිකට්පත් සඳහා නිර්දේශ කරනු ලද්‍‍දේ නම් ඒ සඳහා දැරීමට සිදු වන වියදම.
5.3 මෙරටට පැමිණීමෙන් පසු දැරීමට සිදුවන චෛද්‍ය වියදම් (ලියාපදිංචි කාල සීමාව තුළ උපරිමය රැ.50 000.00) 5.3.1 පෞද්ගලික ‍රෝහලක රෝහල් ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ගෙවීම් කටයුතු සිදුකරනු ලබන අතර ‍මෙරටට පැමිණ මාස 06ක් ගත වීමට පෙර බිල්පත් ඉදිරිපත් කල යුතුය.
5.3.2 රාජ්‍ය රෝහලක රෝහල් ගත වීමකදී දිනකට රු.700.00 බැගින් උපරිම දින 30ක් දක්වා ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලැ‍බේ.
5.3.3 ගාස්තු නොගෙවන රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනී‍මේදී දැරීමට සිදු වන ඖෂධ වියදම්,රසායනාගාර පර්යේෂණ ගාස්තු, x-කිරණ ඡායාරූප හා ස්කෑන් සඳහා රු.29,000.00 ක් දක්වා ගෙවීම් සිදු කරනු ලැ‍බේ.(බිල්පත් ඉදිරිපත් කල යුතුය)
5.3.4 බාහිර ප්‍රතිකාර බෙහෙත්,ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සඳහා රු.50000.00ක් දක්වා ගෙවීම්(ලංකාවට පැමිණි දින 14 ක් ඇතුලත සිදු කරනු ලබන වියදම් සඳහා වූ බිල්පත් ප්‍රතිකාර ලබාබ ගත් දින සිට මාස 06ට පෙර ඉදිරිපත් කල යුතුය.)
06 ගිවිසුම්ගත ‍සේවා කාලය තුල වි‍දෙස් ‍සේව‍යේ නියුක්තව සිටියදී මුහුණපෑමට සිදු වූ බරපතල ‍රෝගී තත්වයන්,හදිසි අනතුරු,තුවාල වීම් ‍හෝ ‍ලෙඩ රෝග හේතු‍කොට නැවත පැමිණීම
6.1 සිදු වූ ආබාධිත තත්වය අනුව වන්දි ලබා දීම.(ආබාධිත තත්වයන් ආවරණය කිරීම් ප්‍රතිශතය ඇමුණුම-2 හි දක්වා ඇත) බදු ඇතුලත්ව සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා දැරීමට සිදු වන සත්‍ය වියදම ( උපරිමය රැ.300 000) එසේ වුවද වෛදය නියමය මත ලෙඞ ඇදක ව්‍යාපාරික පන්ති‍යේ ටිකට්පත් සඳහා නිර්දේශ කරනු ලද්‍‍දේ නම් ඒ සඳහා දැරීමට සිදු වන වියදම
6.2 විගමණික ‍සේවකයින් මෙරටට පැමිණී‍මෙන් පසු දැරීමට සිදු වන වියදම් (ලියාපදිංචි කාල සීමාව තුළ උපරිමය රැ.50 000.00) 6.2.1 පෞද්ගලික රෝහලක ‍රෝහල්ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙරටට පැමිණ මාස 06ක් ගත වීමට ‍පෙර බිල්පත් ඉදිරිපත් කල යුතුය.
6.2.2 රාජ්‍ය රෝහලක ‍රෝහල් ගත වීමකදී දිනකට රු.700.00 බැගින් උපරිම දින 30ක් දක්වා ගෙවීම් කටයුතු සිදු කරනු ‍ලැබේ.
6.2.3 ගාස්තු නොගෙවන රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේදී දැරීමට සිදු වන ‍ඖෂධ වියදම් ,රසායනාගාර පර්යේෂණ ගාස්තු, x- කිරණ ඡායාරූප හා ස්කෑන් සඳහා රු.29,000.00 ක් දක්වා ගෙවීම් සිදු කරනු ලැබේ.(බිල්පත් ඉදිරිපත් කල යුතුය)
6.2.4 බාහිර ප්‍රතිකාර බෙහෙත්,ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සඳහා රු.50000.00ක් දක්වා ගෙවීම්(ලංකාවට පැමිණි දින 14 ක් ඇතුලත සිදු කරනු ලබන වියදම් සඳහා වූ බිල්පත් ප්‍රතිකාර ලබාබ ගත් දින සිට මාස 06ට පෙර ඉදිරිපත් කල යුතුය.)
07 ගිවිසුම්ගත ‍සේවා කාලය තුල සේවා යෝජකයාගෙන් ‍හෝ ඔහු‍ගේ පවුලේ සාමාජික‍යෙකු‍ගෙන් සිදු වන ලිංගික අතවර හේතු‍වෙන් ගර්භනීභාවයට පත් වන විගමණික කාන්තාවන් නැවත ‍ගෙන්වා ගැනීම. (සේවා යෝජක හැර‍‍ගොස් සිටින කාන්තාවන් මේ සඳහා ඇතුලත් ‍නොවේ)
7.1 ‍මෙරටට ගෙන්වා ගැනීමේදී දැරීමට සිදු වන ගුවන් ටිකට්පත් වියදම් බදු ඇතුලත්ව සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා දැරීමට සිදු වන සත්‍ය වියදම ( උපරිමය රැ.300 000) එසේ වුවද වෛදය නියමය මත ලෙඞ ඇදක ව්‍යාපාරික පන්ති‍යේ ටිකට්පත් සඳහා නිර්දේශ කරනු ලද්‍‍දේ නම් ඒ සඳහා දැරීමට සිදු වන වියදම
7.2 විගමණික ‍සේවකයින් ‍මෙරටට පැමිණී‍මෙන් පසු දැරීමට සිදු වන වියදම (ලියාපදිංචි කාල සීමාව තුළ උපරිමය රැ.50 000.00) 7.2.1 පෞද්ගලික රෝහලක‍ රෝහල්ගත කිරීමකදී රු.50,000.00 ක උපරිමයකට යටත්ව ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙරටට පැමිණ මාස 06ක් ගත වීමට පෙර බිල්පත් ඉදිරිපත් කල යුතුය.
7.2.2 රාජ්‍ය රෝහලක ‍රෝහල්ගත වීමකදි දිනකට රු.700.00 බැගින් උපරිම දින 30ක් දක්වා ‍ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
7.2.3 ගාස්තු නො‍ගෙවන රජයේ රෝහලක නේවාසිකව පුතිකාර ලබා ගැනීමේදී දැරීමට සිදු වන ඖෂධ වියදම්,රසානාගාර පර්යේෂණ ගාස්තු, x-කිරණ ඡායාරූප හා ස්කෑන් පරීක්ෂණ යනාදිය සඳහා රු.29,000.00 ක් දක්වා ගෙවීම් සිදු කරනු ලැබේ.(බිල්පත් ඉදිරිපත් කල යුතුය)
7.2.4 බාහිර ප්‍රතිකාර බෙහෙත්,ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සඳහා රු.50000.00ක් දක්වා ගෙවීම්(ලංකාවට පැමිණි දින 14 ක් ඇතුලත සිදු කරනු ලබන වියදම් සඳහා වූ බිල්පත් ප්‍රතිකාර ලබාබ ගත් දින සිට මාස 06ට පෙර ඉදිරිපත් කල යුතුය.)
08 යැපෙන්නන් සඳහා වන ප්‍රතිපාදන
8.1 රෝහල් ගත කිරීම් සඳහා ප්‍රතිපාදන ලබාදීම (නීත්‍යානුකූල සහකරු/සහකාරිය සහ වයස අවු:25ට අඩු අවිවාහක හා රැකියා විරහිත දරුවන්) (එක් වර්ෂයක් තුල එක් පවුලක් වෙනුවෙන් උපරිම අවස්ථා දෙකකදී)(දින 03 කට වඩා රෝහල් ගත වීමකදී මෙම ප්‍රතිලාභය හිමි වේ.) විගමණික ශ්‍රමිකයා අවිවාහක අවස්ථා වලදී යැපෙන්නන් ආවරණය නොවේ. දිනකට රු.1000.00 බැගින් (උපරිමය දින 14ක්)
8.2 හදිසි ජීවිතක්ෂයට පත් වීම. (නීත්‍යානුකූල සහකරු සහ වයස අවු:25ට අඩු අවිවාහක හා රැකියා විරහිත දූ දරුවන් - දෙදෙනකු සඳහා පමණි) (මෙම ‍ගෙවීම් උපරිම අවස්ථා දෙකක් සඳහා පමණක් සිදු කරයි) විගමණික ශ්‍රමිකයා අවිවාහක අවස්ථා වලදී යැපෙන්නන් ආවරණය නොවේ. රු.10,000.00 ක් එක් පුද්ගලයෙකුට
සටහන්
1. සියදිවි නසාගැනීම් සඳහා සම්පූර්ණ මරණ වන්දි ඉල්ලා සිටීමට හිමිකම් ඇත.
2. අවුරුදු 18 - 65 වයස් සීමාව සඳහා හිමිකම් ඇති ආවරණය.
3. සේවකයා විදේශගතව සේවයේ යෙදී සිටියදී ලබාදී ඇති කොන්ත්‍රාත්තු කාලය අවසන් වීමෙන් පසු තවත් මාස 03ක් සඳහා හිමිකම් පෑමට ප්‍රතිලාභීන්ට හිමිකම් ඇත.
4. ශ්‍රී ලංකාවට පැමිණි දින සිට හෝ මරණයට පත් වූ දින සිට මාස 06ක් ඇතුළත දැනුම් දීම සහ ලේඛනය ඉදිරිපත් කළ යුතුය.

විගමණික සේවකයන්ගේ දු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවු විගමණික සේවකයන්ගේ දු දරුවන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.

විස්තරය මුදල
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දු දරුවන් රු. 20,000.00
අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත් දු දරුවන් රු. 25,000.00
විශ්වවිද්‍යාලවල සහ රාජ්‍ය කාර්මික විද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන දු දරුවන් රු. 35,000.00
එක් එක් ශිෂ්‍යත්ව සඳහා තෝරා ගැනීමේ නිර්ණායක පහත සඳහන් පරිදි වේ.

පොදු තේරීම් නිර්ණායක - අදාළ ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ දින සිට වසර 3ක් ඇතුළත ඔවුන්ගේ දෙමාපියන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා තිබිය යුතුය.

සුදුසුකම් ලත් අයදුම්කරු විසින් ප්‍රවෘත්ති පත්‍රවල සහකාර්යාංශ වෙබ් අඩවියේ දින කිහිපයක පළ කෙරෙන අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය - සුදුසුකම් ලත් අයදුම්කරු ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් එක් එක් දිස්ත්‍රික්ක සඳහා ප්‍රකාශ කරන ලද අවම සාමාර්ථ ලකුණු ලබා තිබිය යුතුය.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) - සුදුසුකම් ලත් අයදුම්කරු සිංහල, ඉංග්‍රීසි සහ ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථ 3ක් සමඟ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.

අ.පො.ස. (උසස් පෙළ) - සුදුසුකම් ලත් අයදුම්කරු අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත්ව ජාතික විශ්වවිද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලැබිය යුතුය.

 

වැඩි විස්තර සඳහා කරුණාකර 011 236 5471 අමතන්න

විගමණික සේවකයින් සඳහා ණය පහසුකම්

කාර්යාංශයේ ලියාපදිංචි විගමණික සේවකයින් සඳහා ආරම්භ කර ඇති ණය යෝජනා ක්‍රම

විදේශ රැකියා නියෝජිත ආයතන වෙතින් සහ ස්වයං මාර්ගයෙන් ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් හට උපරිමය රුපියල් ලක්ෂ 05 ක පෙර විගමණික ණය මුදලක් ලබාගැනීම සඳහා පහත සඳහන් රාජ්‍ය බැංකු වෙතට කාර්යාංශය මඟින් නිර්දේශ ලිපි නිකුත් කරනු ලැබේ.

බැංකු ආයතනය ණය වර්ගය ණය මුදල රු. ගෙවීම් කාලසීමාව පොලි ප්‍රතිශතය විගමණික සේවකයා විසින් ගෙවිය යුතු පොලිය
මහජන බැංකුව පෙර විගමණික ණය රු.500,000.00 වසර 3 කට අඩු නම් 17% සම්පුර්ණ පොලි මුදල
රු.500,000.00 වසර 3 කට වැඩි නම් 18% සම්පුර්ණ පොලි මුදල
Bank of Ceylon පෙර විගමණික ණය රු.500,000.00 මාස 20 20% සම්පුර්ණ පොලි මුදල

ඒ සඳහා සුභසාධන අංශය වෙත ඉදිරිපත් කළ යුතු ලේඛණ පහත පරිදි වන අතර, මෙම ලේඛන ඉදිරිපත් කිරිමෙන් පසුව අදාළ බැංකු ආයතනය වෙතට ලබා දීම සඳහා සුභසාධන අංශය විසින් නිර්දේශ ලිපියක් නිකුත් කරනු ලබයි.

මේ සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සුභසාධන අංශය වෙත හෝ ශාඛා කාර්යාල මඟින් සිදු කර ගත හැකිය.

විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා විදේශ ගතවන්නේ නම්,

  • ඉල්ලුම් කරන ලද ණය මුදලෙහි සාරාංශයක් සහිත රැකියා නියෝජිත ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක්
  • අනුමත රැකියා ඇණවුමෙහි පිටපතක් (රැකියා නියෝජිත ආයතනය විසින් නිකුත් කරනු ලැබේ)
  • ලියාපදිංචි ගාස්තු ගෙවන ලද ලඳුපතෙහි පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • සේවා ගිවිසුම
  • වීසා බලපත්‍රය
  • පුහුණු සහතිකය
  • ග්‍රාම නිලධාරි සහතිකය

 

ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන්නේ නම්,

  • ඉල්ලුම් කරන ලද ණය මුදලෙහි සාරාංශයක් සහිත ලිපියක්
  • ලියාපදිංචි ගාස්තු ගෙවන ලද ලඳුපතෙහි පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • සේවා ගිවිසුම
  • පුහුණු සහතිකය
  • ග්‍රාම නිලධාරි සහතිකය

 

*කොරියානු රැකියා සඳහා මෙම රු.500,000.00 ණය මුදල් සීමාව අදාළ නොවේ.

වෙනත් සුභසාධන ප්‍රතිලාභ

පාසල් උපකරණ බෙදා දීම

මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී ඇති අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම්වල විශේෂ කුසලතා දක්වන විදේශගත ශ්‍රමිකයන්ගේ දු දරුවන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පාසල් උපකරණ ලබා දීම සිදු කරනු ලැබේ.

අවශ්‍යතා ඇති සංක්‍රමණික සේවකයින් සඳහා සුභසාධන ප්‍රතිලාභ ලබාදීම.

බරපතල රෝගාබාධ, මරණ, ආබාධිත තත්වය යනාදී රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හිමිකම් පෑමට අවස්ථාව නොලබන විගමණික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මානුෂීය පදනම මත වන්දි ගෙවයි.

එවැනි අවශ්‍යතාවයක් පැනනගින අවස්ථාවකදී විගමණික ශ්‍රමිකයෙකු හෝ ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයෙකු විසින් කරන ලද ස්වයං පැහැදිලි කිරීමක් සහිත ඉල්ලීමක් සමඟ පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

අ) වෛද්‍ය වාර්තාව

ආ) ආදායම් වාර්තාව

c) ප්‍රාදේශීය ලේකම් නිර්දේශය සහිත ග්‍රාම නිලධාරි සහතිකය

වැඩි විස්තර සඳහා කරුණාකර 011 236 5471 අමතන්න

 

SI