පළමුවර ලියාපදිංචිය / ලියාපදිංචිය අළුත්කිරිම

ලියාපදිංචියට අදාළ උපදෙස් (නව ලියාපදිංචිය / ලියාපදිංචිය අළුත්කිරිම)

ස්වයං ලියාපදිංචිය පිළිබඳ උපදෙස් (නව ලියාපදිංචිය /ලියාපදිංචිය අලුත් කිරීම)

 

විදේශ රැකියාවක් සඳහා යාමට ප්‍රථම ඔබ විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර, ඒ සඳහා පහත සඳහන් අවශ්‍යතා සහ ලේඛන ඉදිරිපත් කළ යුතුය.

 

  • නියමිත වයස සම්පුර්ණ කර තිබිය යුතුය.
  • විදේශ ගමන් බලපත්‍රය (කාර්යාංශ ලියාපදිංචිය සිදු කරන දින සිට ඉදිරියට මාස 06ක වලංගු කාලයක්තිබිය යුතුය)
  • වලංගු වීසා බලපත්‍රය හෝ එරටට ඇතුල්වීමේ බලපත්‍රය
  • සේවා ගිවිසුම
  • විදේශ පළපුරුද්ද/ මෙරට සේවා පළපුරුද්ද/ ආයතනික පුහුණුව/ වෘත්තිය පුහුණු සහතිකය/කාර්යාංශ පුහුණුව
  • බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව (අවුරුදු 45ට අඩු කාන්තාවන් සඳහා පමණි)
  • රක්ෂණ සහතිකය (ජෝර්දානයේ ඕනෑම රැකියාවක් සඳහා යන පිරිමි/ කාන්තා විගමණික ශ්‍රමිකයින් සඳහා එරට රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුය)

 

පළමුවරට විදේශ රැකියාවක් සඳහා ලියාපදිංචිවීම

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමුවරට විදේශ රැකියාවකට යාම සඳහා ලියාපදිංචිය ලබාගැනිමේදී ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුය

 

මූලික ලියාපදිංචි ගාස්තු 22,027 / = (18,200 + 18% (VAT)  +2.5%(SSCL))

 

ඉහත ගාස්තු අදාළ වන්නේ :

 

  • විදේශ රැකියාවක් සඳහා පළමු වරට කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා අවස්ථාවේදී
  • අවසන් ලියාපදිංචි සේවායෝජකයා හැර වෙනත් සේවා යෝජකයෙකු වෙත විදේශගත වන විට.(නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රය මඟින්)
  • සංචාරක වීසා මගින් විදේශගතවී රැකියා වීසා ලබා සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඇතුළු වීමේ වීසා මත (Re-Entry visa මගින්) විදේශ ගත වීමේදී.

 

කාර්යාංශ ලියාපදිංචිය අළුත්කිරිම

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අළුත්කිරිම සඳහා පහත ලේඛන සහ අවශ්‍යතා සපුරා ලිය යුතුය.

 

  • විදේශ ගමන් බලපත්‍රය (ලියාපදිංචිය සිදු කරන දින සිට ඉදිරියට මාස 06ක කාලයක් වලංගුව තිබිය යුතුය)
  • නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රය
  • පෙර ලියාපදිංචියට අදාල වීසා බලපත්‍රය
  • නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයේ සේවා යෝජක තහවුරු කර ගැනීමට නොහැකි අවස්ථාවන්හි දී රැකියා ස්ථානයෙන් ලබාගත් ලිපියක් හෝ ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය.

 

(සෞදි අරාබිය සඳහා ලියාපදිංචිය අලුත් කිරීමේදී අකාමා කාඩ්පත හෝ එහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය)

 

ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව රු.4599/= (රු.3800+18%(VAT)+2.5%(SSCL))

 

  • නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් සහිතව අවසන් ලියාපදිංචි සේවා යෝජකයා වෙත විදේශගත වන විට
  • අවසන් ලියාපදිංචි සේවායෝජකයා යටතේවෙනත් රටක රැකියාවකට යන විට
  • අවසන් වරට ලියාපදිංචි වූ සේවායෝජකයාගෙන් නව වීසා බලපත්‍රයක්/ රැකියා ගිවිසුමක් ලැබීමෙන් පසු (අවසන් ලියාපදිංචියෙන් පසු සේවායෝජකයෙකු නොවන වෙනත් සේවා යෝජකයෙකු වෙත විදේශගත වී නොතිබිය යුතුය)

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය අයදුම් කිරීම

ඔබ රැකියාවක් සඳහා විදේශගත වන්නේ නම්, ඔබට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ඇති අතර ගාස්තු මාර්ගගතව ගෙවිය හැකිය. පළමු වරට කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට සහ ලියාපදිංචිය අලුත් කිරීමට අයදුම් කිරීම සඳහා මාර්ගගතව පහසුකම් සපයනු ලැබේ

 

ලියාපදිංචිය සඳහා අයදුම් කිරීම සඳහා ඔබ උඩුගත කළ යුතු ලියකියවිලි පහත සඳහන් කර ඇති අතර ඔබ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සඳහා ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයට පැමිණෙන විට එම ලේඛන ඉදිරිපත් කළ යුතුය. පළමු වරට ලියාපදිංචි වීම සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා අයදුම් කිරීමට උඩුගත කළ යුතු ලියකියවිලි

 

  • විදේශ ගමන් බලපත්‍ර යෙහි ඡායාරූපයක් (ලියාපදිංචිය සඳහා මාස 06 ක් වලංගු විය යුතුය)
  • ජාතික හැඳුනුම්පතෙහි ඡායාරූපයක් (ඉදිරිපස හා පිටුපස)
  • වලංගු වීසා බලපත්‍රය හෝ එරටට ඇතුල්වීමේ බලපත්‍රය
  • සේවා ගිවිසුම
  • විදේශ පළපුරුද්ද/ මෙරට සේවා පළපුරුද්ද/ ආයතනික පුහුණුව/ වෘත්තිය පුහුණු සහතිකය/කාර්යාංශ පුහුණුව
  • බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව (අවුරුදු 45ට අඩු කාන්තාවන් සඳහා පමණි)
  • රක්ෂණ සහතිකය (ජෝර්දානයේ ඕනෑම රැකියාවක් සඳහා යන පිරිමි/ කාන්තා විගමණික ශ්‍රමිකයින් සඳහා එරට රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුය)

තානාපති කාර්යාලය මඟින් ලියාපදිංචිය ලබාගැනීම.

සේවායෝජකයා වෙනස් කරන අවස්ථාවේදී කාර්යාංශයේ ලියාපදිංචිය අළුත්කිරිම අදාළ රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදු කර ගත හැකිය.

 

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත් දිනයේ සිට එකම සේවායෝජකයා යටතේ සේවය කරන්නේ නම්, එය ලියාපදිංචි වූ දින සිට වසර 2 ක් සඳහා වලංගු වේ. ඔබ වසර 2 කට පසු ඔබේ ලියාපදිංචිය අලුත් කළ යුතුය. කෙසේ වෙතත්, ඔබගේ පෙර රැකියා කොන්ත්‍රාත්තුව වසර 2ක් ඇතුළත හෝ සේවා යෝජකයා වෙනස් වූ අවස්ථාවක හෝ ලියාපදිංචිය කල් ඉකුත් වු අවස්ථාවක කාර්යාංශයේ ලියාපදිංචියේ වසර 2ක වලංගු භාවයද අවලංගු වේ. නව සේවායෝජකයා යටතේ නව රැකියා ගිවිසුමකට එළඹෙන අවස්ථාවේදී කාර්යාංශය ලියාපදිංචිය සිදු කිරිම සඳහා මූලික ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචි විය යුතුය.

ළඟම ඥාතියෙකු විසින් කාර්යාංශ ලියාපදිංචිය අළුත්කිරිම

ඔබ විදේශගතව සිටින අවස්ථාවක දී , ඔබගේ පවුලේ සාමාජිකයෙකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට හෝ ඕනෑම ශාඛා කාර්යාලයක් මඟින් ඔබේ කාර්යාංශ ලියාපදිංචිය අලුත් කළ හැකිය. ලියාපදිංචිය අළුත්කිරිම සඳහා පළමු සේවා යෝජකයා යටතේම සේවයේ යෙදී සිටිය යුතු අතර, ඒ සඳහා අදාළ ලේඛන සමඟ වලංගු වීසා බලපත්‍රයේ ඡායා පිටපතක් සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

SI