ශ්‍රි ලංකාවේ බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කර්මාන්තය රටෙහි ශ්‍රම සංක්‍රමණ අංශයෙහි ප්‍රධාන භූමිකාවක නිරතවෙයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ශ්‍රී ලංකා රජය විසින් ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනු ලැබේ. ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලියෙහි බඳවා ගැනීමේ අංශය යහපාලනය, බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රම, නියාමනය හා නීතී විරෝධී ක්‍රියාකාරකම් ආමන්ත්‍රණය සඳහා නෛතික ප්‍රතිපාදන රජය විසින් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කර්මාන්තය පාලනය කිරීමේ ක්‍රමවේදයේදී සිදුකරනු ලබයි. ඒ අනුව, කාර්යාංශය විසින් විදේශයන්හි ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සහ ස්ථානගත කිරීමේදී සාධාරණ හා සදාචාරාත්මක පරිචයන් සහතික කිරීම සඳහා අවශ්‍යතා සපුරා ඇති අයවලුන් සඳහා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, බලපත්‍රයක් වසරක කාලයක් සඳහා වලංගු වන අතර එය අලුත් කළද හැකිය.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවා ගැනීමේ නියෝජිතායතන වලට බලපත්‍ර ලබාදීමේ මූලික අරමුණ වන්නේ, විගමනික ශ්‍රමිකයින් යහපාලනය, ආරක්ෂාව හා බලසතු කිරීම තුලින් යහපත් රැකියා ප්‍රවර්ධනය ඵලදායිව ක්‍රියාවට නැංවීම සහතික කිරීමයි. දැඩි රෙගුලාසි සහ බලපත්‍ර අවශ්‍යතා පැනවීමෙන්, බඳවා ගැනීමේ නියෝජිතායතන සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම, නීතිමය රාමු වලට අනුගත වීම සහ සංක්‍රමණ ක්‍රියාවලිය පුරාවට ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම කාර්යාංශය මෙමගින් අරමුණු කරයි.

SI