සභාපතිතුමාගේ පණිවිඩය

සභාපතිතුමාගේ පණිවිඩය

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විදේශ රැකියා කර්මාන්තය නියාමනය කිරීමේ වගකීම දරන රාජ්‍ය ආයතනය ලෙස අපගේ අවධානය සෑම විටම සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සහතික කිරීම මෙන්ම සංක්‍රමණය සහ සංවර්ධනය සම්බන්ධ කිරීම කෙරෙහි යොමු වී ඇත. කෙසේ වෙතත්, වෙනස් වන කාලයත් සමඟ, සම්මත භාවිතයන්ගෙන් සහ සීමා මායිම්වලින් ඔබ්බට සිතමින් නව ප්‍රමිතීන් සැකසීම දැන් වෙන කවරදාටත් වඩා වැදගත් ය. යාන්ත්‍රණ සැපයීම පමණක් නොව සියලුම පාර්ශ්වකරුවන් එකට එකතු කරන සහයෝගීතාවන් ඇති කිරීම, බහුපාර්ශ්වික හෝ ද්විපාර්ශ්විකව සංවාදවල යෙදීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ සහයෝගීතා ව්‍යාපෘති සඳහා වේගයෙන් ක්‍රියා කරමින් අපි එසේ කිරීමට කැපවී සිටිමු. අපගේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ එක්ව විදේශ රැකියා ක්ෂේත්‍රයට ධනාත්මක වෙනසක් ගෙන ඒම සඳහා ක්ෂේත්‍රය නව තලයකට ඔසවා තැබීමට සහ විදේශ රැකියා ගමන අපගේ සංක්‍රමණික ශ්‍රමිකයින්ට වාසිදායක අත්දැකීමක් බවට පත් කිරීමට අපි අපේක්ෂා කරමු.

ඒ.ඒ.එම්. හිල්මි

SI