කුසලතා සංවර්ධනය සඳහා සහාය ලබාදීම

නැගී එන වෙළඳපොළ සඳහා අනාගත සංක්‍රමණික සේවකයින්ගේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුහුණු වැඩසටහන් ස්ථාපිත කර ඇත. තවද, අනාගත විගමණික සේවකයින් සඳහා නිපුණතා සංචිතයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සහ ගෝලීය වෙළඳපොළට ශ්‍රී ලාංකීය පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා ඒකාබද්ධ දායකත්වය සඳහා සහාය දැක්වීම මෙහි අරමුණයි.

 

අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම :

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VAT)

 

සාත්තු සේවා සහ හෝටල් අංශයේ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කර ඇත. විදේශ රැකියා සඳහා අත්‍යවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම සඳහා පුහුණුවක් ලබා දීම මෙහි අරමුණයි

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියා අපේක්ෂිතයින් සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර යටතේ පුහුණු වැඩසටහන් පැවැත්වීම:

 

  • තාක්ෂණික පුහුණු සහතිකය
  • අදාළ භාෂා පුහුණුව
  • මෘදු කුසලතා සහ ජීවන කුසලතා
  • පුහුණුකරු පුහුණු කිරීම (TOT)
SI