බඳවා ගැනීමේ ආයතන වලට බලපත්‍ර ලබාදීම

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කර්මාන්තය රටෙහි ශ්‍රම සංක්‍රමණ අංශයෙහි ප්‍රධාන භූමිකාවක නිරතවෙයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ශ්‍රී ලංකා රජය විසින් ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනු ලැබේ. ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලියෙහි බඳවා ගැනීමේ අංශය යහපාලනය, බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රම, නියාමනය හා නීතී විරෝධී ක්‍රියාකාරකම් ආමන්ත්‍රණය සඳහා නෛතික ප්‍රතිපාදන රජය විසින් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ කර්මාන්තය පාලනය කිරීමේ ක්‍රමවේදයේදී සිදුකරනු ලබයි. ඒ අනුව, කාර්යාංශය විසින් විදේශයන්හි ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සහ ස්ථානගත කිරීමේදී සාධාරණ හා සදාචාරාත්මක පරිචයන් සහතික කිරීම සඳහා අවශ්‍යතා සපුරා ඇති අයවලුන් සඳහා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, බලපත්‍රයක් වසරක කාලයක් සඳහා වලංගු වන අතර එය අලුත් කළද හැකිය.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවා ගැනීමේ නියෝජිතායතන වලට බලපත්‍ර ලබාදීමේ මූලික අරමුණ වන්නේ, විගමනික ශ්‍රමිකයින් යහපාලනය, ආරක්ෂාව හා බලසතු කිරීම තුලින් යහපත් රැකියා ප්‍රවර්ධනය ඵලදායිව ක්‍රියාවට නැංවීම සහතික කිරීමයි. දැඩි රෙගුලාසි සහ බලපත්‍ර අවශ්‍යතා පැනවීමෙන්, බඳවා ගැනීමේ නියෝජිතායතන සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම, නීතිමය රාමු වලට අනුගත වීම සහ සංක්‍රමණ ක්‍රියාවලිය පුරාවට ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම කාර්යාංශය මෙමගින් අරමුණු කරයි.

 

කාර්යාංශය වෙතින් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන දැඩි නිර්ණායක මාලාවක් සපුරාලිය යුතු අතර, මෙම අවශ්‍යතා පහත පරිදි වේ;

 

  • නෛතික රාමු සමග අනුකූල වීම: බඳවා ගැනීමේ ආයතන දේශීය කම්කරු නීති, ආගමන රෙගුලාසි සහ විදේශීය රැකියා සම්බන්ධ වෙනත් අදාළ නීතිවලට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය.

 

  • මූල්‍ය ස්ථායීතාව: නියෝජිතායතන විසින් මූල්‍ය ස්ථායීතාව පෙන්නුම් කළ යුතු අතර සේවකයන් සඳහා රක්ෂණ ආවරණය ඇතුළුව බඳවා ගැනීම් සම්බන්ධ මූල්‍ය වගකීම් ඉටු කිරීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය.

 

  • යටිතල පහසුකම් සහ සම්පත්: බඳවා ගැනීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂමව සහ ඵලදායීව සිදු කිරීමට ප්‍රමාණවත් යටිතල පහසුකම්ල පහසුකම් සහ සම්පත්, නියෝජිතායතන සතුව තිබිය යුතුය. විධිමත් කාර්යාල අවකාශයක්, සන්නිවේදන පද්ධති සහ පුහුණු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම මෙයට ඇතුළත් වේ.

 

  • ආචාර ධර්ම පිළිවෙත් : සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, වෙනස් කොට සැලකීම් නොකිරීම, සේවක අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ මොනම නීතීයක් යටතේ හෝ නීතී විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙන ලිංගික සූරාකෑමකට හෝ මිනිස් ජාවාරම් හෝ වෙනත් ආකාරයේ ක්‍රියාකාරකමක් සඳහා තර්ජනය, බලයල වංචාවල රැවටීම හෝ පෙළඹවීම හෝ අනෙකුගේ අසරණභාවය උපයෝගිකර ගනිමින් බඳවා ගැනීම්ල ප්‍රවාහනය, පවරාගැනීම හෝ රඳවා තබා ගැනීම වැනි ක්‍රියාකාරකම් නොකිරීම සිදුකළ යුතු අතර, කාර්යාංශයේ ආචාර ධර්ම පද්ධතියකට අනුගත වීම නියෝජිතායතනය තුලින් අපේක්ෂා කරයි.

ඒ අනුව, කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මෙම බලපත්‍ර ක්‍රමය ඔස්සේ ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කරනවා පමණක් නොව, තිරසාර විදේශ රැකියා ක්ෂේත්‍රයක් සඳහා සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත් සහතික කරමින් රටේ කීර්තිය සාක්ෂාත් කරනු ලබයි.

 

කාර්යාංශය විසින් බඳවා ගැනීමේ නියෝජිතායතන වෙත බලපත්‍ර ලබා දීමෙන් අනතුරුව සියලුම පාර්ශවකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ:

 

  • විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව: බලපත්‍ර සහතිකය මඟින් නීත්‍යානුකූල මාර්ග හරහා විගමනික ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී, වංචනික භාවිතයන් සහ සූරාකෑමේ අවදානම අවම කරයි. ශ්‍රමිකයින් සඳහා සාධාරණ රැකියා නියමයන් සහ කොන්දේසි ප්‍රවර්ධනය කළයුතු අතරල බලපත්‍රලාභී ආයතන ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගකිව යුතුය.

 

  • තත්ත්ව සහතිකය: බඳවා ගැනීමේ ආයතනවල කාර්ය සාධනය සහ විශ්වසනීයත්වය තක්සේරු කිරීමට සහ අධීක්ෂණය කිරීමට බලපත්‍ර ක්‍රියාවලිය ඔස්සේ කාර්යාංශයට පහසුකම් සලසයි. මෙමගින් ඉහළ ප්‍රමිතියකින් යුත් සේවාවක් පවත්වා ගනිමින් කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන්නේ දක්ෂ සහ විශ්වාසනීය ආයතන පමණක් බව සහතික කරනු ලබයි.

 

  • ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ශක්තිමත් කිරීම: කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලත් ආයතන වගකිවයුතු ශ්‍රම ඉපැයීම් රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. එමගින් ගමනාන්ත රටවල් සහ සේවා යෝජකයන් අතර විශ්වාසය ගොඩනඟා, විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිරිමත් කිරීම හා ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ රැකියා අවස්ථා හඳුන්වාදීම සිදු කළ යුතුය.
SI