පැමිණිලි කළමනාකරණය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි පැමිණිලි කළමනාකරණය ශ්‍රී ලාංකික විගමණික සේවකයින්ගේ සුභසාධනය සහ තෘප්තිය සහතික කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර විගමණික සේවකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ අවශ්‍ය අවස්ථාවන්හි සහය ලබා ගැනීමට බලගන්වනු ලබයි.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැමිණිලි සහ ගැටළු සඳහා කාලීන සහ නිසි විසඳුම් ලබා දීමට විශේෂිත වූ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කර ඇත. විවිධ රටවල විදේශ රැකියාවන්ට අදාළ නීති රෙගුලාසි පිළිබඳ අවශ්‍ය දැනුම සහ අවබෝධය සහිත නිලධාරින් මෙම ඒකකය වෙත අනුයුක්තව සේවය කරනු ලබන අතර, පැමිණිලි භාර ගැනීම, ලේඛනගත කිරීම, අදාළ විමර්ශන කටයුතු සහ පැමිණිලි/ගැටළු විසඳීම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි සමථ අංශය සහ අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ විසින් විගමණික සේවකයින්ගෙන් හෝ ඔවුන් වෙනුවෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සිදුකරනු ලබයි. කාර්යාංශයේ ලියාපදිංචි විගමණික සේවකයෙකුට හෝ ඔහු/ඇය වෙනුවෙන් නම් කරන පවුලේ ඥාතියෙකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට, ප්‍රාදේශීය ශාඛා කාර්යාලයකට හෝ අදාළ රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

 

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි සමථ අංශය සහ ශාඛා කාර්යාල වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම, ක්ෂණික ඇමතුම් මඟින් පැමිණිලි ඉදිරිපත් කිරිම, විද්‍යුත් තැපෑල මඟින් පමිණිලි ඉදිරිපත් කිරිම සන්නිවේදනය සහ කාර්යාංශ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ වෙබ් ද්වාරය මඟින් පැමිණිලි ඉදිරිපත් කිරිම සිදුකළ හැකිය. මෙම විවිධ ක්‍රමයන් මඟින් පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදීමෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැමිණිලි පාර්ශවය වෙත පහසුකම් සපයා දී ඇත. එම පැමිණිලි විසඳීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැමිණිලි කළමනාකරණ පද්ධතියක් (CMS) ක්‍රියාත්මක කරයි. අදාළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශය හෝ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කම්කරු අංශවලට අනුයුක්තව සිටින කාර්යාංශ නිලධාරීන් මෙම පැමිණිලි කළමණාකරණ පද්ධතිය හරහා පැමිණිලිවලට අදාළව තොරතුරු සන්නිවේදනය කිරීමට සහ තොරතුරු වාර්තා කිරීමට අදාළ පාර්ශවයන්ට පහසුකම් සලසා ඇත.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැමිණිලි කාලෝචිතව විසඳීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරයි. පැමිණිලි ඒකකය එක් එක් සිද්ධියේ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් පැමිණිලි කඩිනමින් විසඳීමට උත්සාහ කරයි. ඔවුන් පැමිණිලිකරු සමඟ නිතිපතා සන්නිවේදනය කර ප්‍රගතිය සහ අපේක්ෂිත විසඳුම් පිළිබඳව යාවත්කාලීන කරනු ලබයි. පැමිණිලිකරුට තවදුරටත් සිදුවන හානි හෝ අපහසුතාවයන් අවම කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවය ලබා දි පැමිණිලි විසඳීම කඩිනම් කරනු ලැබේ. කාර්යාංශය පැමිණිලි ඵලදායී ලෙස විසඳීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සමීප සහයෝගීතාවයක් සහ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යයි. පැමිණිල්ලේ ස්වභාවය අනුව බඳවා ගැනීමේ ආයතන, තානාපති කාර්යාල, විදේශ සේවා යෝජකයින් හෝ වෙනත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වීම මෙයට ඇතුළත් විය හැකිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ සියලු පාර්ශ්වයන් නිරාකරණය කිරීමේ ක්‍රියාවලියේ නියැලී සිටින බව සහතික කරයි. පැමිණිල්ලක් ඉදිරිපත් වූ පසු ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුදුසු සියළුම ක්‍රියාමාර්ග ගනු ලබයි. මූල්‍ය වන්දි ලබාදීම, නීතිමය සහාය, වෛද්‍ය ආධාර, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ විධිවිධාන, හෝ සේවා යෝජකයා හෝ අදාළ බලධාරීන් සමඟ සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීම මෙයට ඇතුළත් විය හැකිය. විසඳුම් ක්‍රියාවලිය පුරාම පැමිණිලිකරුට අවශ්‍ය සහාය ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහතික කරයි.

විශේෂ සටහන:

විගමනික සේවකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති නම් කාර්යාංශය වෙත පැමිණිල්ලක්/ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් නැත. නමුත් පැමිණිලිකරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට ඉදිරිපත් කළ හැකිය.

SI