නවතම පුවත්

වියළි සලාක වවුචර ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය

ගෘහ පාලන රැකියා සඳහා ප්‍රථම වරට පිටත්ව යන කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් 10,000.00 බැගින් වටිනා වියළි සලාක වවුචර ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය 2023.11.24 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්. හිල්මි මහතා සහභාගී විය.

ගරු මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

11/24/2023
SI