නවතම පුවත්

2024 විදේස්ගත ශ්‍රමික ප්‍රජාවගේ ව්‍යවසායකත්ව වසරයි

විදේශ රැකියා ප්‍රජාව වෙනුවෙන් 2024 වසර ව්‍යවසායකත්ව වර්ෂය ලෙස නම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ජනවාරි පළමුවැනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති විශේෂ වැඩසටහනට එක්වෙමිනි. අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ සුහද හමුවක ද නිරත විය. පසුගිය වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදේශ ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය. පසුගිය වසරේ ගත් නිර්භීත සහ කාලෝචිත තීරණ හේතුවෙන් ජනතාව මුහුණ දුන් බොහෝ දුක් පීඩා අවසන් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරු ඇතුළු කාර්යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.
01/01/2024
01/01/2024
01/01/2024
01/01/2024
SI