TRAINING PROGRAM

ඉංග්‍රීසි පාඨමාලාව (කාන්තා/ පිරිමි)

වර්තමාන ගෝලීයකරණය වූ ලෝකයේ විදේශයන්හි වැඩ කිරීම සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයේ අවශ්‍යතාවය රැකියා අපේක්ෂාවන් පුළුල්කිරීම, වෘත්තීය සන්නිවේදනය වැඩි දියුණු කිරිම, සම්පත් වෙත ප්‍රවේශය සක්‍රීය කිරිම, සංස්කෘතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරිම සහ නායකත්ව අවස්ථා සඳහා දොරටු විවර කරයි. සාර්ථක ජාත්‍යන්තර වෘත්තීන් ගොඩනඟා ගැනීමට සහ වර්තමාන අන්තර් සම්බන්ධිත ලෝකය තුළ දියුණු වීමට උත්සාහ කරන පුද්ගලයින් සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතාවය වටිනා සම්පතකි. ඉංග්‍රීසි භාෂා කුසලතාවයෙන් හෙබිවීම විදේශ රැකියා අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කරයි. බොහෝ බහුජාතික සමාගම්, ජාත්‍යන්තර සංවිධාන සහ ගෝලීය කර්මාන්ත සඳහා ඉංග්‍රීසි භාෂාව මනා ලෙස දන්නා සේවකයින් අවශ්‍ය වේ. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණතාවය පුළුල් පරාසයක රැකියා විකල්පයන් සඳහා දොරටු විවර කරනු ලබන අතර, එමඟින් ගෝලීය රැකියා වෙළඳපොල සඳහා අලවිකිරිමේ ක්‍රමයක් ද වේ.

පුහුණු පාඨමාලා කාල සීමාව

දින 14 පුහුණු පාඨමාලාව

Course Level

Certificate

පුහුණු පාඨමාලා ගාස්තුව

LKR 6000/=

වයස සීමාව
  • වයස අවු. 18 වැඩි විය යුතුයි.
සුදුසුකම්
  • සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුයි.
  • මනා පෞරුෂත්වයකින් යුක්ත වීම හා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි.
අවශ්‍ය ලේඛන
  • වලංගු ගමන් බලපත්‍රය
  • ජාතික හැදුනුම්පත
පාඨමාලාවේ අඩංගු විෂයන්
  • හැඳින්වීම
  • ව්‍යාකරණ
  • ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හැකියාව
  • ඉංග්‍රීසි භාෂාව සවන්දීමේ හා කතා කිරීමේ හැකියාව
  • සම්මුඛ පරීක්ෂණ සඳහා සම්බන්ධ වීම (Skype භාවිතයෙන්)
SI