නවතම පුවත්

සුහුරු දරු පරපුරට විදෙස් සේවා කාර්යාංශයෙන් Smart Board…

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ “ජයගමු ශ්‍රි ලංකා” අනුරාධපුර දිස්ත්‍රික් ජනතා ජංගම සේවයට සමගාමීව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිස්ත්‍රික්කයේ පාසල් 22ක් වෙත පන්ති කාමරයට අවශ්‍ය අති නවීන Smart Board පිරිනමනු ලැබිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම Smart Board පිරිනමනු ලැබූ අතර, මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රු.12,977,404.00 ක මුදලක් වැය කර තිබේ.

විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් ඉගෙන ගන්නා පාසල් තෝරාගනු ලැබුවේ අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි. ඒ අනුව පාසල් 22ක් සඳහා මෙම Smart Board පිරිනැමූ අතර, ඊට අදාල සංඛේතාත්මක චෙක්පත් එම විද්‍යාලවල විදුහල්පතිවරුන් විසින් භාරගනු ලැබිණි.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම් හිල්මි යන මහත්වරුන්ද එක්විය.
SI