නවතම පුවත්

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 447 දෙනකුට හිමිවෙයි

SLBFE Media  May 5 ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රී ලාංකික රැකියාලාභීන් 447 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (2025.05.04) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විනි.

මෙම වැඩසටහන සඳහා 447 දෙනෙකුට සමන්විත කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, ඔවුන් 2025 මැයි 7 සිට මැයි 14 තෙක් කාලය තුළ කණ්ඩායම් වශයෙන් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

වැඩසටහන සඳහා සම්බන්ධ වූ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා, එරට රැකියා පරිසරය, නීති, සංස්කෘතිය සහ විශේෂයෙන් ආරක්ෂිතව සහ ගෞරවයෙන් සේවය කිරීමේ වැදගත්කම පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ සමානව, ඊශ්‍රායලයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය නිරන්තරව අවධානය යොමු කරන බවද ඔහු අවධාරණය කළේය.

"ඔබ සේවය කරන විදේශගත ස්ථානයේදී ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කරමින් නිවැරදිව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතුය" යනුවෙන් තානාපතිතුමා වැඩසටහනේදී පෙන්වා දුන්නි.

මේ අතර, මේ වසරේ පළමු මස 3 තුළ පමණක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2,000 කට ආසන්න පිරිසක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

SI