සමාජ මාධ්‍ය එනම් Youtube හා Facebook උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. ඩුබායි රජ්‍යෙය් රැකියා ලබාදෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී තිබේ. ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සදහා පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබාගනිමින් එම වීඩියේ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා Youtube හා Facebook හරහා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදුකර තිබේ.අදාළ සමාජ මාධ්‍ය වල මෙලෙස තොරතුරු පළකිරීමේන් අනතුරුව ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධව, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය මගින් ඉදිරි විමර්ෂන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවූවන් විසින් කාර්යංශයට පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ.
මෙලෙස ඉදිරිපත්කළ පැමිනිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ෂන කටයුතු සිදුකරමින් සිටී.
මෙලෙස ඉදිරිපත්කළ පැමිනිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ෂන කටයුතු සිදුකරමින් සිටී.
විදේශ රුකියා සදහා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට අවසරය ලබාදී ඇත්තේ බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිතයන්ට පමණක් වන අතර, ඊට අදාළ ප්‍රචාරක කටයුතු සදහා ද කාර්යංශයෙන් වෙනම අනුමැතිය ලබාගත යුතුවේ. එසේ නොකොට බලපත්‍රයක් රහිතව පුද්ගලයන්ගෙන් රැකියා සදහා මුදල් ලබාගැනීම, ප්‍රචාරක කටයුතු සිදුකිරිම හෝ රැකියාවක් සදහා පිටත් කිරීම කාර්යාංශයේ පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

Hotline: 1989
Special Investigation Division: 011-2864123