SLBFE News – 09 May 2025 සෞදි අරාබියා විෂන් 2030 (Saudi Arabia’s Vision 2030) වැඩසටහනට පූර්වගාමීව සිදුකරන රැකියා ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගිවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට විදේශ රැකියා නියෝජිතවල දූත පිරිසක් සෞදි අරාබිය බලා අද (5.09) පිටත්ව යයි.
සෞදි අරාබියේ රියාද් හා දමාම් යන නගරවලදී මැයි මස 10 සිට 16 දක්වා මෙම රැකියා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ.
සෞදි අරාබියා විෂන් 2030 යනු ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් වැඩි දියුණු කරන ලද, විචිත්‍රවත් සමාජයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් හා අභිලාෂගාමී ජාතියක් තුළින් සෞදි අරාබියේ ඉහළ ආර්ථික සංවර්ධනය උදෙසා වර්ෂ 2030 දී ළගාවන ඉලක්කයයි. එම ඉලක්කය වෙනුවෙන් රටතුළ සිදුකෙරෙන විශාල සංවර්ධනයේදී රැකියා අවස්ථා දහස් ගණනක් බිහිවන අතර, එම රැකියා අවස්ථා විදේශ ශ්‍රමිකයින් වෙතද ලබාදීමට සෞදි රජය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය හා තාක්ෂණික යන ප්‍රධාන ක්ෂේත්‍රවල වෘත්තිය රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලංකාවට ලබාගැනීමට මෙම නියෝජිත පිරිස එහිදි කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රි ලාංකික වෘත්තිය ශ්‍රමිකයින් පිළිබඳව සෞදි අරාබියේ ව්‍යවසායකයින් දැනුවත් කිරීම, රැකියා අවස්ථා ලබාගැනීම, අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව සිදුකෙරේ. ඉහළ වැටුප් සහිත මෙම රැකියා ශ්‍රි ලංකාවට ලබාගැනීමට එරට අදාළ අංශ සමග ඵලදායි ප්‍රවර්ධන කටයුතු සිදුකරන බවත්, එමගින් මෙරට ශ්‍රමිකයින්ගේ ගුණාත්මකභාවය, වෘත්තිය නිපුණතාවය හා කුසලතාවයන් පිළිබඳව ඔවුන් දැනුවත් කරන බව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.