03
04 Job Opportunities
05
06
07

අනිවාර්යය ලියාපදිංචිය

ස්වයං ලියාපදිංචි වීමේදී අවශ්‍ය ලියවිලි.

1. වලංගු ගමන් බලපත්‍රය (අවම මාස 06ක වලංගු කාලය තිබිය යුතුය)

2. වලංගු වීසා පත

• පළමු වර ලියාපදිංචිය සිදු කිරීමේදී නව වීසාපතක්

• නැවත එම සේවා යෝජක වෙතම යන්නේනම් පෙර එම සේවා යෝජක වෙත ගිය බවට තහවුරු කිරීම සඳහා පැරණි වීසා පත හා නව වීසා පත. 

3. සේවා ගිවිසුම 

ගෘහස්ථ රැකියා (කාන්තා/ පිරිමි)

• තානාපති කාර්යාලය මගින් සහතික කරන ලද සේවා ගිවිසුම. 

 (කටාර් ,මැලේසියා මාලදිවයින ,කුවේට් ,ඕමාන්, බහරේන්, සෞදි අරාබිය, ජෝර්දාන්, සයිප්‍රස් ,සිංගප්පූරුව ලෙබනන්,  ඊශ්‍රායල්  හා දකුණු කොරියාව).

• අනෙකුත් රටවල් සඳහා (තානාපති  කාර්යාලයේ කම්කරු අංශ නොමැති)  තම සේවා යෝජක විසින්  නිකුත් කරනු ලබන නියමිත සේවා  ගිවිසුම.

• එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සඳහා නියමිත සේවා ගිවිසුම

ගෘහස්ථ නොවන සියළුම  රැකියා සඳහා 

• අදාළ සේවායෝජක විසින් නිකුත් කරන ලද සේවා ගිවිසුම

• කටාර්, මැලේසියා හා මාලදිවයින යන රටවල තානාපති කාර්යාල මගින්  සහතික කරන ලද සේවා ගිවිසුම¬.(මෙම රටවල වෘත්තීය රැකියා, රාජ්‍ය ආයතන, හා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැකියා සඳහා ලියාපදිංචිය සිදු කිරීමේදී  තානාපති කාර්යාල මගින් සේවා ගිවිසුම් සහතික කිරීම අවශ්‍ය නොවේ.)

• කුවේට් රටට ගෘහස්ථ නොවන නුපුහුණු කාන්තා රැකියා කාණ්ඩය සඳහා විදේශගත වීමේ දී  තානාපති කාර්යාල හෝ එරට වාණිජ මණ්ඩලය වෙතින් සහතික  කර ඇති සේවා ගිවිසුම.  

ඇඟළුම් ක්ෂේත්‍රය 

• කටාර් මාලදිවයින හා මැලේසියාව යන රටවල තානාපති කාර්යාල මගින් සහතික කරන ලද සේවා ගිවිසුම. (වෘත්තීය රැකියා කාණ්ඩ හැර)

• අනෙකුත් රටවල  අදාල ආයතන මගින් නිකුත් කරනු ලබන සේවා ගිවිසුම .

 

4. ආරක්ෂිත තැන්පතුව

• ගෘහස්ථ කාන්තා රැකියා සඳහා   තානාපති කාර්යාලයන්හි තැන්පත් කරනු ලබන ආපසු නොගෙවන  US $ 400 හෝ ආපසු ගෙවනු ලබන US $ 1000 තැන්පතුව ගෙවා ඇති බව සනාථ කරනු ලබන රිසිට් පත. (කම්කරු අංශ නොමැති හා ශ්‍රී  ලංකා තානාපති කාර්යාල පිහිටා  නැති රටවල් සඳහා මෙය අදාළ නැත.) 

5. රක්ෂණාවරණය

• ගෘහස්ථ රැකියා සඳහා කටාර්  හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය  සඳහා වන යූනියන් රක්ෂණ සහතිකය

• ජෝර්දාන් රැකිය සඳහා වන “ජෝර්දාන් ඉන්ෂුවරන්ස් ”(Jordan Insurance Company) සහතිකය .

• ගෘහස්ථ රැකියා සම්බන්ධව නැවත ඇතුල් වීමේ වීසා සහිතව දිවයිනට පැමිණ  මුල් සේවායෝජක වෙනස්වී ඇත්නම් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කටාර් රාජ්‍යය සඳහා වන යූනියන්  රක්ෂණ  සහතිකය.

• සංචාරක වීසා සහිතව විදේශගතව ගෘහස්ථ කාණ්ඩයේ රැකියා සඳහා වීසා ලබාගෙන ආපසු රැකියා ස‍ඳහා විදේශගතවීමට ලියාපදිංචි කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කටාර් රාජ්‍යය සඳහා වන යූනියන්  රක්ෂණ  සහතිකය.

6. පුහුණුව හෝ පළපුරුද්ද සනාථ කිරිමට අවශ්‍ය ලියවිලි

• ගෘහස්ථ කාන්තා ශ්‍රමිකයන් සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත  වලංගු පුහුණු සහතිකය (නිකුත් කළ දින සිට වසර 10ක් වලංගු වේ) 

• පුහුණුවට විකල්ප වශයෙන් විදේශිය පළපුරුද්ද සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි හා ගමන් බලපත්‍රය (කාන්තා ගෘහස්ථ රැකියා සඳහා දින 150 ද ගෘහස්ථ නොවන කාන්තා හා පිරිමි රැකියා සඳහා දින 30ක්ද  සපුරා තිබිය යුතුය) .

• ගෘහස්ථ නොවන කාණ්ඩයේ රැකියා කාණ්ඩ සඳහා විදේශගත වීමේ දී එම ක්ෂේත්‍රයට අදාළව පුහුණුව ලබා තිබීම හෝ සේවා පළපුරුද්ද තිබීම මෙම පුහුණු අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.

• වෘත්තීමය රැකියා සඳහා අදාල සහතික පත්රම (මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය)

7. පවුල් පසුබිම් වාර්ථාව ( කාන්තාවන් සඳහා පමණි) 

• අවුරුදු 45ට වැඩි කාන්තාවන්  ඉදිරිපත් කළයුතු නොවේ .

• කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව නැවත ලංකාවට පැමිණ මාස 06ක කාලයක් ඇතුලත  නැවත  විදේශගත වන අයෙකු  හට පවුල් පසුබිම් වාර්තාව අවශ්‍ය  නොවේ.

• නැවත ඇතුලත්වීමේ (Re entry visa) වීසා සහිතව පැමිණි කාන්තාවන්හට කාර්යාංශ ලියාපදිංචිය ලබා ගන්නා අවස්ථාවේද  පවුල් පසුබිම් වාර්තාව අවශ්‍ය නොවේ‍.

8. ලියාපදිංචියට අදාළ ගාස්තු 

• පළමුවර ලියාපදිංචිය සඳහා කාර්යාංශ ලියාපදිංචි ගාස්තුව  - රුපියල් 17837/= (මෙයට අමතරව සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු වශයෙන් පහතින් දක්වා ඇති පරිදි ගාස්තු අය කෙරේ.)

• එක්සත් අරාබි එමීර් රාජ්‍යය  හා ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ නොමැති රටවල ගෘහස්ථ රැකියා (කාන්තා හා පිරිමි) සඳහා සේවා ගිවිසුම් ගාස්තුව වශයෙන් US $ 50ට සමාන වන මුදලක් සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු වශයෙන්   අය  කෙරේ.

• එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා තානාපති කාර්යාල නොමැති රටවල ගෘහස්ථ නොවන නුපුණු කාන්තා රැකියා සඳහා සේවා ගිවිසුම් ගාස්තු වශයෙන් US $ 35ට සමාන මුදලක් සේවා ගිවිසුම් සහතික කිරීමේ  ගාස්තු   වශයෙන් අය කෙරේ.   (කුවේට් හැර)

• ඇගළුම් රැකියා (සියළුම  කාන්තාවන්)සඳහා  සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු වශයෙන් $ 35කට සමාන  මුදලක් අය කෙරේ .

 

නැවත ඇතුලත්වීමේ වීසා සහිතව ලියාපදිංචිය සිදු කිරීම

 

• නැවත ඇතුල්වීමේ වීසා සහිත(Re entry visa) ව එම සේවා ස්ථානය වෙතම යන අවස්ථාවක රුපියල් 3755/=  හෝ   සේවා යෝජක වෙනස්වන්නේ නම් ගාස්තු වශයෙන් රුපියල් 17837/= ක මුදලක්  ගෙවිය යුතුවේ. 

• සංචාරක වීසා මගින් විදේශගතව  රැකියා වීසා ලබාගෙන නැවත ඇතුලත්වීමේ වීසා සහිතව(Re entry visa) පැමිණි අය සඳහා ලියාපදිංචිය සිදු කිරීමේදී පහත ගාස්තු අය කෙරේ.

• ලියාපදිංචි ගාස්තුව  රුපියල් 17837/= 

• ගෘහස්ථ කාන්තා හා පිරිමි රැකියා සඳහා සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු වශයෙන් US $  50කට සමාන මුදලක් 

• ගෘහස්ථ නොවන නුපුහුණු කාන්තා රැකියා සඳහා සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු වශයෙන් US $ 35කට සමාන මුදලක්

• ඇගළුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා සේවා ගිවිසුම් සහතික කිරීමේ  ගාස්තු වශයෙන් US $ 35 කට සමාන මුදලක්. 

• අවසන් වරට කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති සේවා ස්ථානය වෙතම නව වීසාපතකින් ලියාපදිංචි වන විට කාර්යාංශ ලි.ප. ගාස්තුව රුපියල් 3755ක් වේ. එහෙත් මුල් ලියාපදිංචියට අදාල ලිපි ලේඛන සියල්ල හා   අයකලයුතු රැකියා කාණ්ඩ සඳහා වන සේවා ගිවිසුම් සහතික කිරීමේ ගාස්තු අය කෙරේ.