ඔබ රැකියා ඇබෑර්තුවට ගැළපෙන ශ්‍රමිකයෙක් තෝරාගෙන තිබෙන බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්තවරයෙක් නම්, ඔබ පහත සඳහන් දේ ගැන ද අවධානය යොමුකළ යුතුය.
මෙම ශ්‍රමිකයා ඉහත සඳහන් දෑ සපුරාළයි නම්, පහත සඳහන් ලියකියවිලි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමෙන් අවසන් අනුමැතිය ලබාගත හැක:
1. විදේශගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයාගේ විදේශ ගමන් බලපත්‍රය
2. අදාල රටට සහ රැකියාවට ගැළපෙන වීසා බලපත්‍රය
3. ඔබත් ශ්‍රමිකයාත් අතර අත්සන් කරන ලද රැකියා ගිවිසුම
4. සම්පූර්ණ කරන ලද 'H' ආකෘති පත්‍රය
5. අවශ්‍ය පුහුණු සහතිකය
6. 'ප්‍රථම අනුමැතියේ' පිටපතක්
7. ලියාපදිංචිවීමේ ගාස්තුව ගෙවූ බවට සනාථ කිරීමට බැංකු ලදුපත්
ඔබ මෙයද මතක තබාගත යුතුය;
• රැකියාවට අදාල 'ප්‍රථම අනුමැතියේ' මුල් පිටපත අවසන් අනුමැතිය ලබාගැනීමට ලියකියවිලි භාරදෙන විට ඉදිරිපත් කළ යුතුය
• ඔබ මැද පෙරදිග රටකට ගෘහ සේවිකාවක් යැවීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබේ රැකියා ගිවිසුමෙහි පහත සඳහන් අත්සන් සහ නිල මුද්‍රා තිබිය යුතුය.
- විදේශීය ඒජන්තවරයාගේ
- අනුග්‍රාහකයාගේ
- තානාතිපත් කාර්ය්‍යාල නිළධාරියාගේ
- දේශීය ඒජන්තවරයාගේ
- විදේශගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයා
ඔබ ඉහත සඳහන් ලියකියවිලි නිසියාකාරව භාර දී ඇත්නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් අවසන් අනුමැතිය ලබාදෙනු ඇත.
විදේශගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ නිල මුද්‍රාවක් තබනු ලැබේ.
Follow us on