පෙර විගමණික නම්නීකරණ අංශය මගින් දෙනු ලබන පුහුණුව, පළමු වතාවට සවුදි අරාබියෙහි ගෘහ පාලිකා තනතුරු සදහා පිටත්ව යන කාන්තාවන් හට ලබා දෙන පුහුණුවක් වන අතර, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වලින් නිර්දේශ කරනු ලබන පුහුණු කරුවන් හට පමණක් මෙම පුහුණුව දෙනු ලබයි.
තෝරා ගනු ලබන ගෘහ පාලිකාවන් සදහා පහත සදහන් අංශ වලින් දැනුවත් කිරීම් කරනු ලබයි.
v ගෘහ පාලිකාවක් සතු වගකීම හා විනය කටයුතු පිළිබද දැනුවත් කිරීම.
v ගෘහ පාලිකාවකගේ පෞද්ගලින ස්වස්ථතාව හා පෞර්ෂ වර්ධනය කෙසේ සකස් කර ගත යුතු ද යන්න පිලිබද දැනුවත් කිරීම.
v ගුවන් ගමන් හා ආගමන විගමන නීති රීති , ගුවන් තොටුපළ ක්‍රියාදාමය , විදේශ ගතවීමට පෙර සූදානම පිළිබද දැනුවත් කිරිම.
v විදේශ රැකියාවේ යෙදී සිටිය දී ඇතිවන ගැටළු හා එහි ස්වභාවය පිළිබද කෙටි විශ්ලේෂනයක්, කාර්යාංශයේ ලියා පදිංචිය ලබා ගැනීම නිසා ගෘහ පාලිකාවකට ඇතිවන වාසි හා අවාසි පිළිබද දැනුවත් කිරීම.
v සේවා ගිවිසුමක ඇති වැදගත් කම හා එහි ඇති කොන්දේසි පිළිබද දැනුවත් කරන අතර හාම්පුතුන් විසින් එම කොන්දේසි උල්ලංඝණය කරන අවස්ථා වලදී ගෘහ පාලිකාවකට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබද දැනුවත් කිරීම.
v ගෘහ පාලිකාවක් තමා ජීවත්වන පරීසරයෙන් ඉවත්ව විදේශ ගත වීමේ දී ඇතිවන මානසික ආතතිය අවම කර ගැනීම සදහා අවශ්‍ය උපදේශණ ලබාදීම.
v ගෘහ පාලිකා රැකියාවක ස්වභාවය හා සේවා ස්ථානයේ පරිසරය ද එම පරිසරයට අනුකූලව කෙසේ රැකියාව කළ යුතු ද යන්න හා තමාගේ ආත්ම ආරක්ෂාව කෙසේ සලසා ගත යුතු යන්න පිළිබදව දැනුවත් කිරිම.
v ගෘහ පාලිකාවක් ලෙසින් විදේශ ගතවන රටෙහි පරිසරය , ආගමින සිරිත් විරීත් , ආර්ථික හා සාමාජීය පසුතලය,සංස්කෘතිය . සේවයේ යෙදී සිටිය දී ඇතිවන ගැටළු වලට එරට කම්කරු නීතී රීති මගින් ලබා ගත හැකි පිටු වහල පිළිබදව දැනුවත් කිරීම.
Follow us on