03
04 Job Opportunities
05
06
08
09

මිත්‍රයෙකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගැනීම

            •  ඔබ මිත්‍රයෙකු හෝ නෑදෑයකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගෙන තිබේ නම්,
•  ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට ගොස් ඔබට අවශ්‍ය පුහුණුව සහ පුහුණු සහතිකය ලබා/ත හැක
•  ඉන්පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ප්‍රධාන කාර්ය්‍යාලයට හෝ ළඟම පිහිටි පුහුණු
    මධ්‍යස්ථානයට ගොස් පහත සඳහන් ලියකියවිලි භාරදී ලියාපදිංචි වන්න

                                                -
විදේශ ගමන් බලපත්‍රය
   
                                             - පුහුණු සහතිකය
   
                                             - වලංගු වීසා බලපත්‍රය
                                                - රැකියා ගිවිසුම


• 
ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාල නිළධාරියා ඔබට ආකෘති පත්‍රයක් සහ ලියාපදිංචි ගාස්තුව
   ගෙවීමට අවශ්‍ය වන බැංකු පත්‍රයක් ලබාදෙනු ඇත

• 
මින් පසු, ඔබට එම නිළධාරියා විසින් පවසන ලද ලියාපදිංචි ගාස්තුව ගෙවීමට සිදුවේ
• 
මින් පසු, පහත සඳහන් ලියකියවිලි සියල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට භාරදිය යුතුය

   
                                             - පිටසන් කරන ලද බැංකු විස්තර
   
                                             - සම්පුර්ණ කරන ලද ප්‍රකාශන ලියකියවිලි
   
                                             - විදේශ ගමන් බලපත්‍රය
   
                                             - රැකියා ගිවිසුම
   
                                             - පහත සඳහන් ලියකියවිලිවල පිටපත්

§  විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රධාන පිටුව

§  කලින් විදේශතවූ බව සනාථ කිරීමට එම විස්තර සහිත විදේශ ගමන් බලපත්‍රයේ පිටු (පුහුණු කාලයෙන් නිදහස් වීමට නම්)

§  වලංගු වීසා බලපත්‍රය / රැකියා කිරීමට අනුමැතිය / විරුද්ධතාවයක් නොමැති බවට සහතික

§  රැකියා ගිවිසුම හෝ ඉල්ලා ඇති වෙනත් ඕනෑම ලියකියවිල්ලක් 

 

 

ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාල නිළධාරියා ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ලියාපදිංචි මුද්‍රාවක් තබා ඔබට අවශ්‍ය අනුමැතිය ලබාදෙනු ඇත.