00
00
00
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
14
14
15
16
17
20
21

බඳවාගැනීමට අනුමැතිය ලබාගැනීම

ඔබගේ රැකියා ඇණවුමට අනුමැතිය ලබාගැනීම

 

බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්තවර‍යකු වන ඔබට විදේශයක සිටින ඒජන්තවරයකු හෝ අනුග්‍රාහකයකුගෙන් රැකියා ඇණවුමක් ලැබී ඇත්නම්, ප්‍රථම අනුමැති අංශයෙන් නියමිත අනුමැති සියල්ල ලබාගත යුතුය. ඉන්පසු:

  • රැකියා ඇබෑර්තුව පිළිබඳව දැන්වීම් පළ කර ඒ පිළිබඳ මහජන අවධානය යොමුකර ගත හැක
  • විදේශ රැකියාවලට පුද්ගලයින් බවාගැනීම
  • ඉහත සහන් දේවලට අදාල වන අනිකුත් දෑ


ප්‍රථම අනුමැතිය ලබාගැනීම

 

ප්‍රථම අනුමැතිය ලබාගැනීම මින්, ඔබට විදේශ රැකියාවන් සහා පුද්ගලයන් බවාගැනීමට හැකිවනු ඇත. මෙම අනුමැතිය ලබාගැනීම සහා පහත සඳහන් ලියකියවිලි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ වෙත භාරදිය යුතුය.

  • ප්‍රථම අනුමැතිය ලබාගැනීම සහා ඉල්ලුම් කරන නිල ලිපියක්
  • රැකියා ඇණවුම
  • වාගැනීමේ ගිවිසුම
  • ඇටෝනි බලය
  • සම්පුර්ණ කරන ලද 'F' ආකෘති පත්‍රය
  • අවශ්‍යවන වෙනත් තොරතුරු

 

රැකියා ඇබෑර්තුව පිළිබඳව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම

 

ප්‍රථම අනුමැතිය ලබාගැනීමෙන් පසු ඔබගේ රැකියා ඇබෑර්තුව පිළිබඳව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට පහත ඳහන් ලියකියවිලි භාරදිය යුතුය.

  • රැකියා ඇබෑර්තුව ජනමාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම අනුමැතිය ලබාගැනීම සහා ඉල්ලුම් කරන නිල ලිපියක්
  • රැකියා ඇණවුම
  • දැන්වීමේ පිටපතක්

ප්‍රථම අනුමැතිය අලුත්කර ගැනීම

 

ඔබ ලබාගත් ප්‍රථම අනුමැතිය වලංගු වන්නේ අවුරුද්දක කාලයක් සඳහා පමණි. ප්‍රථම අනුමැතිය අලුත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට පහත ඳහන් ලියකියවිලි භාරදිය යුතුය.

  • ප්‍රථම අනුමැතිය අලුත්කර ගැනීම සහා ඉල්ලුම් කරන නිල ලිපියක්
  • කල්ඉකුත්වු ප්‍රථම අනුමැතියේ පිටපතක්
  • සම්පුර්ණ කරන ලද 'FI' ආකෘති පත්‍රය

ඔබ මෙයද මතක තබාගත යුතුය;

  • සියලු ක්‍රියා පටිපාටියන් සම්පුර්ණ කළ යුතුය
  • විදේශ ඒජන්තවරයාගේ ලිපි ශීර්ෂයන් ඔබ ළඟ තබාගත යුතුය
  • අදාල තානාපති කාර්ය්‍යාල වලින් අවශ්‍ය වන සහතික කිරීම් ලබාගත යුතුය

ලියාපදිංචිවීම සහා ගෙවීම

 

1994 ඔක්තෝබර් මස 14 වන දින පළවුනු ගැසට් පත්‍රයට අනුව විදේශ රැකියාවකට පිටරට යන සෑම පුද්ගලයකුම ලියාපදිංචිවීම සහා අනිවාර්ය ගෙවීමක් සිදුකළ යුතුය.


ලියාපදිංචි ගාස්තු

 

මුලිකව ලියාපදිංචිය - රු.15200+ 15% VAT+ 2% NBT

නැවත ලියාපදිංචිය  - රු.3200+ 15% VAT+ 2% NBT