00
02
02
02
02
02
03
04
05
06
07
08
09
10
10
11
12
14
14
14
15
16
17
20
21

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් සඳහා අනිවාර්ය ලියාපදිංචිය

1994 අංක 4 දරන පනත මගින් සංශෝධිත 1985 අංක 21 දරන SLBFE පනතේ 51 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රී ලාංකිකයන් පිටත්ව යාමට පෙර SLBFE හි ලියාපදිංචිය සඳහා පහත ගාස්තුව ගෙවිය යුතුය.

ලියාපදිංචි ගාස්තු:LKR 18,200+SSCL 2.5%+VAT 15%

ඉහත ලියාපදිංචිය වලංගු වන්නේ එකම සේවායෝජකයා සමඟ වසර දෙකක කාලයක් සඳහා පමණි. කිසියම් ශ්‍රී ලාංකිකයෙකු තම සේවා නියුක්තිය මුල් කොන්ත්‍රාත්තු කාලයෙන් ඔබ්බට දීර්ඝ කිරීමට කැමති නම්, පහත අලුත් කිරීමේ ගාස්තුව ගෙවා පවතින ලියාපදිංචිය කල් ඉකුත් වීමට පෙර ලියාපදිංචිය අලුත් කරන ලෙස ඔහු/ඇයගෙන් ඉල්ලා සිටී.

LKR 3,800 + SSCL 2.5%+ වැට් 15%

එසේ එකතු කරන ගාස්තු දේශීය හා විදේශීය විවිධ සුබසාධන වැඩසටහන් හරහා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ ඉතිරිව සිටින පවුලේ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනේ. (එනම් අසරණ කාන්තා සේවිකාවන් සඳහා ආරක්‍ෂිත නිවාස නඩත්තු කිරීම, අසරණ ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, රක්ෂණ ආවරණය, අවශ්‍යතා ඇති සේවකයන් සඳහා නීති ආධාර ආදිය)

එබැවින් විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රී ලාංකිකයන් වගකිවයුතු සහ නීතිගරුක පුරවැසියන් ලෙස ඉහත සඳහන් කළ පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකික ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී දැන ගත යුතු කරුණු