රක්ෂණ හිමිකම් ලබාගැනීම
රක්ෂණ හිමිකම් ලබාගැනීම

මරණයකදී හිමිකම් ලබාගැනීම

අවාසනාවන්ත ලෙස විදෙස්ගත ව සිටියදී ශ්‍රමිකයෙක් මිය ගියොත් කලින් තීරණය කරන ලද රක්ෂණ ඔප්පුවට අනුව හිමිකරු හෝ ළඟම ඥාතියා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට වන්දි ඉල්ලා අයඳුම්කළ හැක.

මේ සඳහා පහත ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ හැක.

•  මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ අය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ තානාපති අංශයට දන්වා මළ සිරුර ගෙන්වා ගැනීමට ලියකියවිලි ලබාගත යුතුය

•  මළ සිරුර ගෙන්වාගත් පසු, විදේශ සම්බන්ධතා අංශයට ඒ බව දන්වා, අවමංගල්‍ය සඳහා රු. 10,000 ක වන්දි මුදලක් පහත ලියකියවිලි භාරදීමෙන් ලබාගත හැක;

    - විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් මරණය සනාථ කිරීමට ලබාදෙන ලියකියවිලි

    - හිමිකරු සහ මියගිය පුද්ගලයාගේ ඥාති සම්බන්ධතාව තහවුරු කිරීමට ලියකියවිලි

    - ග්‍රාම සේවක සහතිකය

•  අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු, හිමිකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සුභසාධන අංශයෙන්වන්දි ඉල්ලා අයඳුම්කළ හැක


මෙම‍ හිමිකම් පවරණු ලබන්නේ මෙසේය :

1.  මියගිය පුද්ගලයා විවාහක නම්

  • බිරිඳ
  • දරුවන්

2.  මියගිය පුද්ගලයා විවාහක වූවත් දරුවන් නොමැති නම්

  • බිරිඳ
  • මියගිය පුද්ගලයාගේ දෙමාපියන්

3.  මියගිය පුද්ගලයා විවාහවී නොමැති නම්

  • මියගිය පුද්ගලයාගේ දෙමාපියන්

4.  මියගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවත්ව සිටියි නම්

  • ජීවත්ව සිටින මව හෝ පියා
  • සහෝදර සහෝදරියෝ

5.  මියගිය පුද්ගලයා විවාහ නොවී මව හෝ පියා ජීවතුන් අතර නැති නම්

  • සහෝදර සහෝදරියෝ

එනමුත්, සියලුම ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු වන්දියේ හිමිකරු තීරණ‍ය කරනු ලබන්නේ සුභසාධන දෙපාර්තමේන්තුව මඟිනි.

මෙසේ වන්දියේ හිමිකරු වන්නේ නීත්‍යානුකූල හිමිකරුවන් වන අතර නම්කරන ලද්දවුන් හෝ යැපෙන්නන් වූ පමණින් මෙම මුදල දෙනු නොලැබේ. විවාහ වූ සහෝදර සහෝදරියන්ට මෙම වන්දි මුදල සඳහා අයඳුම් කළ නොහැක.

මරණයකදී වන්දිය ලබාගැනීමට පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය;

  • මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය
  • රැකියාවේ යෙදී සිටි රටෙන් ලබාගත් වෛද්‍ය වාර්තා සහ ලියකියවිලි
  • රැකියාවේ යෙදී සිටි රටෙන් ලබාගත් තානාපති අනුමැතිය
  • මළ සිරුර නැවත රැගෙන ආ ගුවන්යානා ආයතනයෙන් ලබාගත් කුවිතාන්සි
  • මියගිය පුද්ගලයාගේ සහ හිමිකරුවන්ගේ පදිංචිය
  • මියගිය පුද්ගලයාගේ සහ හිමිකරුවන්ගේ ඥාති සම්බන්ධතාවය
  • විදේශ ගමන් බලපත්‍රයේ මුල් පිටපත


ඊට අමතරව, පහත සඳහන් ලියකියවිලි ද අවශ්‍යවේ;


මියගිය පුද්ගලයා විවාහක නම්

  • මියගිය පුද්ගලයාගේ විවාහ සහතිකය
  • දරුවන්ගේ උප්පැන්න සහතික

මියගිය පුද්ගලයා අවිවාහක නම්;

  • මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකය
  • දෙමාපියන්ගේ ජාතික හැඳුනුම් පත
  • දෙමාපියන්ගේ විවාහ සහතිකය

සහෝදර සහෝදරියන් අයිතිකාරත්වය දරයි නම්;

  • ඔවුන්ගේ උප්පැන්න සහතික
  • ජාතික හැඳුනුම් පත් පිටපත්
  • ඔවුන්ගේ බැංකු ගිණුම් පිටපත්

මෙයද මතක තබාගත යුතුය;

1. ඉහත සියලු ලියකියවිලි වල පිටපත් 2 ක් සාම විනිසුරුවරයකුගේ අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය

2. සම්පූර්ණ කරන ලද අයිතිවාසිකම ඉල්ලුම්කරන අයුම්පත් 2ක්ද ඉදිර

 

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco