ගමන සඳහා සූදානම් වීම
ගමන සඳහා සූදානම් වීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් අවශ්‍ය සියලුම අනුමැතියන් ආදිය ලැබුණු පසු ඔබට ගමනට සූදානම් විය හැක.

 

මෙම අවස්ථාවේදී ඔබ පහත සඳහන් දේ සැළකිල්ලට ගත යුතුය:

 

•  ඔබ නැති අතරතුර, ඔබගේ එදිනදා වැඩකටයුතු සිදුකිරීමට කවුරුන් හෝ පත්කර තිබිය යුතුය

 

•  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් පත් කර ඇති ප්‍රාදේශීය නිළධාරීන් හමුවී ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ ශුභ සිද්ධිය ගැන වග බලාගැනීමට පැවරිය යුතුය. මීට අමතරව;

 

පරිවාස නිළධාරියා (ඔබගේ දරුවන් නිවසින් බැහැර ස්ථානයක තබනවා නම්)

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් (ඔබට පාසල් යන දරුවන් සිටින්නේ නම්)

ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතා

පවුල් සෞඛ්‍ය සේවිකාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (ඔබට දරුවන් සිටින්නේ නම්)

උපදිසාපති කොට්ඨාශ වලින් පත්කර ඇති HARD නිළධාරීන් (ඔබට වැඩිදුර උපදෙස් අවශ්‍ය නම්)

 

•  පහත සහන් ලියකියවිලි ඔබගේ නිවසේ හෝ භාරකරුවකු ළඟ තබන්න

 

- විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

- රැකියා ගිවිසුමේ පිටපතක්

- විදේශ රැකියා ඒජන්තවරයාගේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලිපිනයන්, දුරකථන අංක ආදිය

 

•  පිටවීමට පෙර පැය 3කට වත් පෙර ගුවන් තොටුපළට පැමිණ සිටින්න

 

  හොින් පිරිසිදුවී, පිරිසිදු ඇුමින් සැරසී ගුවන් තොටුපළට පැමිණ සිටින්න (කටුනායක 8 කණුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ නවාතැනක් කාන්තාවන් සඳහාම පිහිටා ඇත

 

පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක ගුවන් ටිකට් පත, වීසා බලපත්‍ර ලියකියවිලි, ගුවන් ගමන් විස්තර, ඔබට අනුග්‍රහය දක්වන හෝ ඔබව එම රටෙහි පිළිගැනීමට පැමිණෙන පුද්ගලයාගේ විස්තර ආදිය තබාගන්න

 

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco