රැකියා ගිවිසුම් ගැන ඔබ දැනගතයුතු දේ
විදේශ රැකියාවක් සඳහා විදේශගත වන සියලු දෙනා රැකියා ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය සමඟ ලියාපදිංචි වන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.
ඔබ පිරිමි ශ්‍රමිකයෙක්, මැද පෙරදිග නොවන රටවල්වලට යාමට බලාපොරොත්තු වන ගෘහ සේවිකාවක් හෝ පුහුණු කාන්තා ශ්‍රමිකයෙක් නම් විදේශ රැකියා ඒජන්තවරයා සමඟ රැකියා ගිවිසුමක් අත්සන් කළ යුතුය.
මැද පෙරදිග රටවල්වලට යාමට බලාපොරොත්තු වන ගෘහ සේවිකාවන් එම රටේ තානාපති කාර්ය්‍යාලය සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
පහත සඳහන් අත්සන් සහ පිටසන් කිරීම් මෙම ගිවිසුමේ සඳහන් විය යුතුය.
බඳවාගනු ලැබීම සිදුකරනු ලබන්නේ ඒජන්තවරයකු මාර්ගයෙන් නම්:
- සේවායෝජකයාගේ අත්සන
- විදේශ රැකියා ඒජන්තවරයාගේ අත්සන
- තානාතිපති / කොන්සල් කාර්ය්‍යාලීය නිළධාරියාගේ අත්සන
- දේශීය ඒජන්තවරයාගේ අත්සන
- ගෘහ සේවිකාවගේ අත්සන
ඔබ විදේශගතවන්නේ මිත්‍රයකු හෝ නෑදෑයකු විසින් එවනු ලබන වීසා බලපත්‍රයක් මඟින් නම්
- සේවායෝජකයාගේ අත්සන
- විදේශ රැකියා ඒජන්තවරයාගේ අත්සන
- ගෘහ සේවිකාවගේ අත්සන
මෙම ගිවිසුමට පහත සඳහන් දේවල් සම්බන්ධයෙන්ද සඳහන් කළ හැක:
- වැටුප්
- වැටුප් අඩුකිරීමේ කොන්දේසි
- විවේක දින
- නිවාඩු දින
- වෛද්‍ය ප්‍රතිලාභ
- වගකීම්
- සුභසාධක
- කොන්ත්‍රාත්තුව අවසන්වීම
- ආරවුල් නිරාකරණය
- රැකියා මාරුවීම්
- නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ගුවන් ගාස්තු










