විදේශගතවීමට පෙර පුහුණුව
විදේශගතවීමට පෙර පුහුණුව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් සිදුකරනු ලබන පෙර පුහුණු සහ හැඩගැස්වීමේ වැඩසටහන්

 

ගෘහපාලන රැකියා සහා විදේශගත වන නුපුහුණු කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු සහ හැඩගැස්වීමේ වැඩසටහන්

 

- මැද පෙරදිග නොවන රටවල් සහා (දින 25)

- මැද පෙරදිග රටවල් සහා (දින 15)

 

•  දකුණු කොරියාවට යාමට සූදානම් වන නුපුහුණු පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන (දින 18)

 

මෙයින් දින 12 ක් කොරියානු භාෂාව, නීති, සංස්කෘතිය, බැංකුකරණ ක්‍රම, සෞඛ්‍ය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ක්‍රමවේදයන් පිළිබඳව ද, ඉතිරි දින 6 දී තෝරාගත් රැකියාවට අදාල වෘත්තීය පුහුණුවක් ද පවත්වනු ලැබේ.

 

•  විදේශ රැකියා අත්දැකීම් ඇතත් එය සනාථ කිරීමට ලියකියවිලි නොමැති නුපුහුණු කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන - දින 07.

 

•  සිංහල සහ දමිළ භාෂා ලිවීමේ සාමාන්‍ය හැකියාවක් නොමැති අය සහා දින 18 ක පාඨමාලාව

 

•  ඉංශ්‍රීසි භාෂා පුහුණු වැඩ සටහන - දින 15. (සිංගප්පූරුව, සයිප්‍රස් සහ ඊ‍ශ්‍රායල් සදහා)

•  වෘත්තීයම සහ තාක්හණික නොවන ක්ෂේත්‍ර සදහා යන ‍විදේශ රැකියාලාභි පිරිමි සහ කාන්තාව්න් සදහා - දින 5 ක පාඨමාලාව

 

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco