• ඔබ මිත්‍රයෙකු හෝ නෑදෑයකු මාර්ගයෙන් විදේශ රැකියාවක් සොයාගෙන තිබේ නම්,
• ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට ගොස් ඔබට අවශ්‍ය පුහුණුව සහ පුහුණු සහතිකය ලබා/ත හැක
• ඉන්පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ප්‍රධාන කාර්ය්‍යාලයට හෝ ළඟම පිහිටි පුහුණු මධ්‍යස්ථානයට ගොස් පහත සඳහන් ලියකියවිලි භාරදී ලියාපදිංචි වන්න
- විදේශ ගමන් බලපත්‍රය
- පුහුණු සහතිකය
- වලංගු වීසා බලපත්‍රය
- රැකියා ගිවිසුම
• ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාල නිළධාරියා ඔබට ආකෘති පත්‍රයක් සහ ලියාපදිංචි ගාස්තුව ගෙවීමට අවශ්‍ය වන බැංකු පත්‍රයක් ලබාදෙනු ඇත
• මින් පසු, ඔබට එම නිළධාරියා විසින් පවසන ලද ලියාපදිංචි ගාස්තුව ගෙවීමට සිදුවේ
• මින් පසු, පහත සඳහන් ලියකියවිලි සියල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට භාරදිය යුතුය
- පිටසන් කරන ලද බැංකු විස්තර
- සම්පුර්ණ කරන ලද ප්‍රකාශන ලියකියවිලි
- විදේශ ගමන් බලපත්‍රය
- රැකියා ගිවිසුම
- පහත සඳහන් ලියකියවිලිවල පිටපත්
1. විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රධාන පිටුව
2. කලින් විදේශතවූ බව සනාථ කිරීමට එම විස්තර සහිත විදේශ ගමන් බලපත්‍රයේ පිටු (පුහුණු කාලයෙන් නිදහස් වීමට නම්)
3. වලංගු වීසා බලපත්‍රය / රැකියා කිරීමට අනුමැතිය / විරුද්ධතාවයක් නොමැති බවට සහතික
4. රැකියා ගිවිසුම හෝ ඉල්ලා ඇති වෙනත් ඕනෑම ලියකියවිල්ලක්
ඉහත සඳහන් ලියකියවිලි සියල්ල නිවැරදි නම්, අදාල නිළධාරියා ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ලියාපදිංචි මුද්‍රාවක් තබා ඔබට අවශ්‍ය අනුමැතිය ලබාදෙනු ඇත.






