ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගැනීම
ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගැනීම

•  ඔබ දේශීය ඒජන්තවරයෙකු මාර්ගයෙන් රැකියාවක් සොයාගෙන තිබේ නම් පහත සඳහන් දේ ගැන හොඳින් අවධානයෙන් සිටිය යුතුය.

 

•  ඔබේ ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගෙන ඇත් ද?

 

•  එම බලපත්‍රය වලංගු එකක් ද?

 

  ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිසි අනුමැතිය ලබාගෙන ඇත් ද?

 

•  ප්‍රථම අනුමැතිය බඳවාගැනීමේ කාලය දක්වා වලංගු වේද?

 

ඔබේ ඒජන්තවරයා ඉහත කොන්දේසි සපුරා ඇත්නම්, ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය සහ අවශ්‍ය ලියකියවිලි සියල්ල භාරදිය හැකිය. ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය ලියාපදිංචි කරන දිනයේ සිට වසර 2 ක කාලයක් සඳහා වලංගුවිය යුතුය. ඉන්පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතු වන අතර මෙයට ඒජන්ත පරිපාලනමය ගාස්තු ඇතුළත් නොවේ.

 

ඔබ ගමන් කරන්නේ මැද පෙරදිග රටකට නම්;

 

•  ඔබ ගෙවිය යුත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් නිර්දේශිත ලියාපදිංචි ගාස්තු පමණි

 

•  ඔබට අවශ්‍ය නම් පුහුණුවීමට ද  සිදුවනු ඇත

 

•  රැකියා ගිවිසුමක් සම්පූර්ණ කර එහි පිටපතක් ළඟ තබාගත යුතුය

 

•  ඔබ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී වෛද්‍ය වාර්තාවක් ලබාගත යුතුය

 

ඔබේ ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිසි අනුමැතියන් ලබාගෙන පහත ලියකියවිලි ඔබට භාරදිය යුතුය

 

- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිල මුද්‍රාව සහිතව ඔබ‍ගේ විදේශ ගමන් බලපත්‍රය

- වලංගු වීසා බලපත්‍රය

- ගුවන් ටිකට් පත

- රැකියා ගිවිසුම

- බැංකු තුණ්ඩුවේ ගනුදෙනුකරුගේ පිටපත

- රක්ෂණ සහතිකය

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco