විදේශ රැකියාවක් පිළිබඳ තීරණය කිරීම
විදේශ රැකියාවක් පිළිබඳ තීරණය කිරීම

රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීම ඔබටත් ඔබේ පවුලේ අයටත් මහත් ප්‍රතිලාභ ගෙනදිය හැකි අනගි අවස්ථාවක් වනු ඇත. විදේශ රැකියාවක් සොයාගැනීම මෙරට රැකියාවක් සොයාගැනීමට වඩා පහසුවන නිසා එය ඊටත් වඩා වාසිදායක විකල්පයකි.

  • එය ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩිකරයි
  • ඔබට මුදල් ඉතිරිකරගෙන එම මුදලින් ඉඩමක් මිලදී ගැනීමට, නිවසක් තැනීමට හෝ ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කළහැක
  • ඔබගේ පවුලේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබට හැකිවනු ඇත
  • ඔබ අපේක්ෂා කරන නිදහස සහ තත්වය හිමි කරගත හැක
  • නව නිපුණතා සහ හැකියාවන් ලබාගැනීමෙන්, මෙරටදී රැකියාවක් සොයාගැනීමට හෝ ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පහසුවනු ඇත
  • නව තාක්ෂණික සහ භාෂා නිපුණතා ද ඔබට ලබාගත හැක


කෙතරම්
වාසිදායක විකල්පයක් ලෙස ‍හැඟුණත්, රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීමට පෙර සිතා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් වේ.

1. රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කිරීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කළ හැකිද?

2. ඔබගේ දූදරුවන්ගේ යහපතට කුමක් සිදු වේද?

  • ඔබගේ දරුවන් බලාගන්නා පුද්ගලයා ශරීර ශක්තිය ඇති, සදාචාරාත්මක කෙනෙක් ද? ඔහු / ඇය වීශ්වාසවන්ත ද?
  • ඔබගේ දරුවන් බලාගන්නා පුද්ගලයා දරුවන්ගේ සෞඛ්‍ය ගැන (ලෙඩ රෝග, ප්‍රතිශක්තිකරණය සහ සංවේදි ලිංගික ගැටලු) සළකා බලයි ද?
  • දරුවන්ගේ පාසල් සහ අනෙකුත් කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකිවෙයිද?

3.  ඔබ නැති අතරතුර ඔබගේ සහකරුට / සහකාරියට දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකිවෙයිද?

4.  විදේශයේ රැකියාව කරන කාල සීමාවේදී ඔබට සහ ඔබගේ සහකරුට / සහකාරියට අනෙකා නොමැතිව ජීවත්විය හැකිද?

5. ඔබ විදෙස්ගතවීම නිසා වැඩි අවධානයක් අවශ්‍ය ‍ඔබේ දෙමාපියන්ට, දූදරුවන්ට බලපෑමක් ඇතිවෙයිද?

6. ඔබ‍ට ශ්‍රී ලංකාවේ රැකියාවක් සොයාගැනීමට නොහැකිද?‍

  • ඔබ ඒවා සළකා බැලුවාද?
  • ඔබට අවශ්‍ය සුදුසුකම් ලබාගන්නේ කෙසේද?
  • ඔබට සරිලන්නේ කුමන ආකාරයේ රැකියාවක්ද?

ඔබ මෙයද මතක තබාගත යුතුය;

ඔබ විදේශයේ රැකියාවේ නිරතව සිටින අතරතුර ඔබගේ හෝ පවුලේ හදිසි උවමනාවක් නිසා නැවත පැමිණීමට සිදුවුවහොත් එම ගමන් ගාස්තුව දැරීමට සිදුවන්නේ ඔබටය.

විදේශ රැකියාවක් සොයාගැනීමේ වියදම විශාල විය හැක. විදේශ ගමන් බලපත්‍රය, ගමන් ගාස්තුව සහ සූදානම්වීමට වැයවන මුලු මුදල ගණනය කර සළකා බලන්න

ඔබ සතු දේපල උකසට තබා හෝ විකුණා ණය මුදලක් ලබාගෙන විදේශගත වුවහොත්, ඔබට එම මුදල පියවීමට දැඩි අපහසුතා මධ්‍යයේ රැකියාව කිරීමට සිදුවන අතර හදිසි උවමනාවක් නිසා ඔබට නැවත පැමිණීමට සිදුවුවහොත් එම දේපල බේරාගැනීමට නොහැකිවී සින්න වීමට ද පුලුවනි

ඔබ විදේශයේ වෙනස් ආකාරයක නිපුණතා අඩුවෙන් අවශ්‍යවන රැකියාවක නිරතව සිටිනවා නම්, ඔබ වර්තමානයේ සතු නිපුණතා සහ හැකියාවන් නැති වී යාමටද පුලුවනි (උදා: ලිපිකාරියක් විදේශගත වී ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කිරීම)

 

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco