වැදගත් තොරතුරු
සාමාන්‍ය තොරතුරු

විදේශ රැකියාවකට යන ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ යි?

•  1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත යටතේ විදේශ රැකියාවක් සඳහා පිටත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිං චීම නීත්‍යානුකූල අවශ්‍යතාවයකි

•  එය ඔබත් ඔබේ රැකියාවත් පවුලේ සාමාජික සාමාජිකාවනුත් ආරක්ෂා කරයි‚ රැක දෙයි

•  ඔබ කාර්යාංශයෙන් ලබා ගන්නා නීත්‍යානුකූල රැකියා ලියාපදිංචිය ඔබට වරප්‍රසාද රැසක් හිමි කර දෙයි. එයින් ප්‍රධාන වන්නේ ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවයට අමතරව‚ ජීවිත රක්ෂණයයි.

•  පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙමඟින් තහවුරැ වේ

       - නිවාස ණය

       - ස්වයං රැකියා ණය

       - පාසල් දූදරැවන්ට ශිෂ්‍යත්ව හා අත්‍යවශ්‍යය පාසල් උපකරණ

       - පාසල් දූදරැවන් වෙනුවෙන් විදේශ අධ්‍යාපන චාරිකා ඇතුලු උපකාර රැසක්

ප්‍රථම වරට විදේශ රැකියාවකට යන මීට පෙර  විදේශ රැකියාවක් කර  ගිවිසුම් කාලය අවසන්ව පැමිණ  නැවත විදේශ රැකියාවකට යන හා වෙනත් රැකියා ස්ථානයක් කරා යන සියලු දෙනා කාර්යාංශයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතුය.

විදේශ රැකියාවක් සඳහා ඔබ ලබා ගන්නා ලියාපදිංචිය වසර 2ක් සඳහා පමණක් වලංගු වන අතර එම කාලයට වඩා රැකියාව සිදු කරන්නේ නම්‚ තමා සේවය කරන රටේ තානාපති කාර්යාලයෙන් හෝ මෙරට සිටින තම ඥාතීන් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්ය්‍යාලයෙන්‚ දිස්ත්‍රික් කාර්යාල්‍යයක් හෝ අදාල රටේ තානාපති කාර්ය්‍යාලය මඟින් ලියාපදිංචිය අලුත් කර ගැනීම සිදු කර ගත හැක. මේ පිළිබඳව  ඔබගේ අනිවාර්ය්‍ය සැලකිල්ල යොමු කරන්න.

ඔබගේ ලියාපදිංචිය ලබා ගැනීම හෝ අලුත් කරගැනීම ඔබට ඉතා වාසිදායක වන අතර ලියාපදිංචිය නොමැති වීම හෝ එය කල් ඉකුත් වීම ඔබට අවාසිදායක ය.

විදේශ රැකියාවකට යෑමට පෙර සේවා කොන්දේසි ඇතුලත් සේවා ගිවිසුමක් අත්සන් කරන අතර එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල්‍යයේ හා එහි ගිවිසුම් අත්සන් කිරීමේ මධ්‍යස්ථාන වලදී රැකියා ලාභියා ඒජන්සි යතනය හා ශ්‍රී ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය යන පාර්ශව තුනම එක්ව කියවා තේරුම් ගෙන එක වන්නේ නම් පමණක් රැකියා ලාභියා විසින් අත්සන් කරනු ලබයි. මෙම නව වැඩ පිළිවෙල අනුව ජන්සි ආයතනය හා විදේශ රැකියා ලාභින් යන පාර්ශව දෙකම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය. මෙය විදේශ රැකියා ලාභියාගෙත් එම රැකියාවේත් රක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගයකි.

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco