5 වසර ශිෂ්‍යත්වය
2010 වසරේදි 5 වසර ශිෂ්‍යත්වය සඳහා සුදානම් වන සිසුන්ට මහඟු අවස්ථාවක් !

ලෝ පුරා සේවායෝජකයන් හා රැකියා ඒජන්තවරුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉතා කාර්යක්ෂම පුහුණු ශ්‍රමිකයින් සොයාගැනීමයි.

 

එනමුත්, මෑත කාලයක සිට ශ්‍රී ලංකාව දක්ෂ, අවංක සහ කාර්යක්ෂම පුහුණු ශ්‍රමිකයින් සැපයීමේ තෝතැන්නක් ලෙස නමක් දිනා ඇත. ශ්‍රී ලංකා රජයේ විවෘත ආර්ථික ක්‍රම සහ වෙළඳ ප්‍රතිපත්ති අප රටේ තරුණ තරුණියන් හට නොයෙක් කාර්මික ශිල්ප ඉගෙන ගැනීමට මහත් රුකුලක් වී ඇත. ලෝකයේ වෙනස්වන කාර්මික සහ ආර්ථික රටා හඳුනාගැනීම, නවීන තාක්ෂණ‍‍ සහ පුහුණු ක්‍රම යොදාගැනීම ආදිය නිසා ශ්‍රී ලංකික ශ්‍රමිකයින් වඩාත් ඉදිරියෙන් සිටිති. මෙම‍ පුහුණු ක්‍රම තුළින් ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ගේ ආකල්පයන් සහ රැකියාව පිළිබ ඇති ධනාත්මක හැීම් වර්ධනය වී ඇත. මීට අමතරව, විශාල ආයතනවල පුහුණු තනතුරු ලබාදීම තුළින් මෙම නවකයන්ට බෙහෙවින් වැදගත් වන රැකියා අත්දැකීම් ලබාදී විදේශ රැකියා වලදී අත්‍යවශ්‍ය වන ඉහළ ප්‍රමිතීන් වලට ඔවුන් ව හුරුකිරීම ද සිදු කරනු ලබයි.

 

ඉංජිනේරු, ගණකාධිකාරි, වාස්තු විද්‍යා, වෛද්‍ය, ගුරු, නීති, බැංකුකරණ, හෝටල් සහ ආපන ශාලා සේවක, පිළිගැනීමේ නිළධාරී, හෙද සේවක, අනුපූරක වෛද්‍ය සේවක, පරිඝණක ක්‍රියාකරු සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී ආදී ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් සිටිති.

 

මීට අමතරව, මැෂින් ක්‍රියා කරවන්නන්, කර්මාන්ත ශාලා සේවකයින්, වෑල්ඩින් සහ මෝටර් රථ කාර්මික ශිල්පීන්, බර වාහන රියදුරන්, වරාය සේවකයින්, දුරකථන සන්නිවේදන කාර්මිකයන්, නැවියන්, කම්කරුවන් සහ ගෘහ සේවකයින් ආදි ක්ෂේත්‍ර වලින් ද ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් සිටිති.

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco